IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සබරගමුව සරසවියේ හිටපු උපකුලපති ඉන්ද්‍රලාල් දිවියට සමුදෙයි

(ප්‍රින්ස් රත්නායක)

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයෙක් ලෙස කටයුතු කළ ජේෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රලාල් කේ පෙරේරා මහතා අද (05) අභාවප්‍රාප්ත විය. 

මහාචාර්යවරයා දිවියට සමුදෙන් විට හැත්තෑ හතරවැනි වියෙහි පසුවිය.  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අයිකේ පෙරේරා මහතා  2001- 2004   කාල පරාසයේ  ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

පස්වැනිදා රාත්‍රියේ සිට සෙනසුරාදා පස්වරුව දක්වා  දේහය නාවල පිහිටි  නිවසේ තැන්පත් කර ඇති  අතර පසුව බොරැල්ල ජයරත්න මල්ශාලාව වෙත ගෙන යන යනු ලැබේ. අවසන් කටයුතු ඉරිදා දහවල් 12.00 ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.

 ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක් මහාචාර්යවරයෙක්, ඉහළ ගණයේ පර්යේෂකයෙක් මෙන්ම පරිපාලකයෙක් ලෙස උපකුලපති ධූරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අයි.කේ. පෙරේරා මහතාගේ අභාවය සම්බන්ධව  වත්මන් උපකුලපති මහාචාර්යය සුනිල් ශාන්ත මහතා,ප්‍රමුඛ ලේඛකාධිකාරී ඇතුළු පරිපාලන කාර්ය මණ්ඩලයත්,අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ සියලුම විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය ප්‍රජාව  සාතිශය සංවේගය පළ කර සිටියි.



අදහස් (1)

සබරගමුව සරසවියේ හිටපු උපකුලපති ඉන්ද්‍රලාල් දිවියට සමුදෙයි

Ananda Friday, 05 April 2024 09:32 PM

ඉතාමත් කණගාටුදායක ආරංචියක්. එතුමා පළමුවෙන්ම ඉගැන්වීමට පැමිණෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා දෙපාර්තමේන්තුවටයි. එතුමා අති දක්ශ මගාචාර්යවරයෙකු වූ අතර හොඳ මිතුරෙකි. ඔබතුමාට අජරාමර නිවන් සම්පත්තිය ලැබේවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site