
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින රැදවියෙකු බැලිම සදහා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු හා ජේලර්වරැන් දෙදෙනෙකු අතර ඇතිවු ගුටි හුවමාරැවකින් තුවාල ලැබු ජේලර්වරයෙකු, රැදවියෙකු හා තවත් පුද්ගලයෙකු ඊයේ (04) රෝහල් ගත කළ බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි.
අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියේ නිරතව සිටි ජේලර්වරයෙක්, බන්ධනාගාර රැදවියෙකු හා පානියන්කඩවල,සාලියපුර පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ රෝහල් ගත කොට තිබේ.
බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකු බැලීමට තරුණයන් දෙදෙනෙකු පැමිණ ඇති අතර එම අවස්ථාවේ රාජකාරියේ නිරත ජේලර් නිලධාරීන් දෙදෙනකු සමග ඇතිකර ගත් බහින්බස්වීමක් දුරදිග ගොස් දෙපාර්ශවය අතර පහරදීමක් සිදුවී ඇති බවත් පොලිසිය පැවසිය.
පසුව බන්ධනාගාර නිලධාරින් විසින් ගැටුම මැඩ පවත්වා රැදවියා බැලිමට පැමිණි තරුණයන් අනුරාධපුර පොලිසියට බාරදි තිබේ.
සැකකරුවන් අද (05) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මෙම ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මුලස්ථාන පොලිස් පරික්ෂක,ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්.ජයවීර මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපුර බන්ධනාගාරයේ ගුටි කෙලියකින් 03ක් රෝහලේ