
(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි දේශපාලන මණ්ඩල රැස්වීම කැඳවන ලෙස ඉල්ලා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල මහතා වෙත ලිපියක් යවා තිබේ.
අමාත්‍යවරයා එහි සඳහන් කර ඇති කරුණු අතර අධිකරණ වාරණයක් හේතුවෙන් පක්ෂයේ සභාපතිවරයාට එම ධුරයේ කටයුතු කිරීමට නොහැකි හෙයින් පක්ෂයේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම සඳහා විධිවිධාන සැලසීමේ හදිසි අවශ්‍යතාවයක් මතුවී ඇති බව සඳහන් කර ඇත.
ඒ හේතුවෙන් ලබන සඳුදා (08) වැනිදා පෙරවරු 10ට එම රැස්විම කැදවන ලෙස හෙතෙම කියා ඇත.
එම රැස්වීමට හිටපු ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ෂාන් විජේලාල්ද සිල්වා යන අය හැර සෙසු දේශපාලන මණ්ඩල සාමාජිකයින් ඊට කැඳවන ලෙසද එම ලිපියේ සඳහන් කර තිබේ.
නිමල් සිරිපාල මහතාගේ ලිපියට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාව රැකීමට තමා නීතියෙන් බැඳී සිටින බැවින් ඊට පටහැනිව ක්‍රියා කිරීමට නොහැකි බවත් ඒ අනුව කැඳවීමට ඉල්ලා සිටි රැස්වීම පැවත්ව්මට නොහැකි බවත්එම පක්ෂයේ වැඩ බලන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාර්ථී දුෂ්මන්ත මහතා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාට ලිපියක් යවමින් දන්වා තිබේ.
අධිකරණයෙන් නිකුත් කරන ලද වාරණ නියෝගය තමන්ට මෙතෙක් නොලැබී ඇති හෙයින් එම නියෝගය ඇතුළත් කරුණු නොදැන මේ අවස්ථාවේ කටයුතු කිරීමට නීතිමය බලයක් නැති බවද වැඩ බලන මහලේකම්වරයා අමාත්‍යවරයාට යවා ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2018 (සංශෝධිත) ව්‍යවස්ථාවේ 16වගන්තිය අනුව ක්‍රියා කිරීමට තමා නෛතික ව බැඳි සිටින බවද එම ලිපියේ සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට දියුණු කිරීමට බාල මහලු සැමදෙනාම තරගයට පොරකති...
නින්දෙන් ඇහැරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි...
ඔය නායකයෝ සියලුදෙනාම විශ්‍රාම ගිහින් පහුගිය කලේ හම්බු කරගත්තු ප්‍රකෝටිපති ධනස්කන්ධය සැප විඳලා ජීවත්වෙන්නේ නැතුව ඇන කොටගන්නා එකේ තේරුමක් නැහැ... ඉදිරි අවුරුදු 10ට ඔය පුටු, අත්, පොහොට්ටු පක්ෂවලට ඡන්දේ දීලා අමාරුවේ වැටෙන්න ඡන්ද දායකයෝ බහුතරයක් කැමැති නැහැ... දැන්ම විශ්‍රාම ගිහින් සීන් එකෙන් ඉවත්වුණොත් මිනිස්සුන්ට ඔයාලා කරපු කියපු දේවල් සහ ඔයාලාවත් අමතක වේවි.. එහෙම නැතුව දිගින් දිගට අවසානය දක්වාම වේදිකාවේ නටන්ට පිස්සු කෙළ කෙළ හිටියොත් අරගලකයක් වැනි ප්‍රශ්නයක් අවොත් ගුටි කන්න සහ දේපල විනාශ කරගන්න වේවි... එහෙම නැතිනම් අලුත් ආණ්ඩුවෙන් පසු හිරේයන්න වේවි...! හොඳම උදාහරණය සජින් වාස්, දැන් කවුරුවත් ඔහු ගැන කතා කරන්නේ නැහැ.. හොඳට හම්බු කරගෙන මාරුවෙලා ගිහින් සැපවත් ජීවිතයක් ගතකරනවා..