(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මේ වන විට ඉහල ජල ධාරා ප්‍රදේශ වලින් දැදුරු ඔය ජලාශයට ගලා එන ජල ධාරීතාවය ඉහළ යමින් පවතින බැවින් ජලාශයේ ජල මට්ටම පාලනය කිරිම සදහා වාන් දොරටුවලින් පිට කරන ජල මට්ටම   ඉහළ දමා ඇති බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.

දැදුරු ඔය දෙපස සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් පොලිස්ථානාධීපතිවරුනට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවත් එලෙසම විමසිලිමත්ව සිටින්නැයි දැදුරු ඔය දෙපස පදිංචිකරුවනට ද දැනුම් දී ඇත.

නාවික හමුදා කණ්ඩායම් දෙකක් බිංගිරිය හා රස්නායකපුර පොලිස්ථාන වෙත යොමු කර ඇත. 

යුද හමුදාවේ 571 බලසේනාව යටතේ ඇති 9 එස්එල්එන්ජී සහ 16 කණ්ඩායම්ද අවශ්‍යතා අනුව යොදා ගැනිමට සුදානම් කර ඇති බව ආපදා කළමණාකරන ඒකකය පවසයි.