(සුජිත් හේවාජුලිගේ)

අල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් තමාට කිසිදු චෝදනාවක් නැති බව කොමිෂන් සභාවේ සාමාජිකයන් පැහැදිලිවම දැනුම් දුන්නේ යැයි බලශක්ති හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

වාරකන් කාලයේ පැමිණි නැව් දෙකක් (16සහ 17) ගොඩ බෑමට සහාය නොදුන්නේ යැයි නැව් සංස්ථාවේ නිලධාරියකු කර අැති ප්‍රකාශයක් සම්බන්ධයෙන් තමාට කරුණු ඉදිරිපත් කිරීමට කොමිෂන් සභාව අවස්ථාවදී තිබෙන බව කී හෙතෙම එසේ නැතිව තමාට එරෙහිව කිසිම චෝදනාවක් නැති බවද ප්‍රකාශ කළේය.

මෙතන තියෙන්නේ වාරකන් කාලයේ මේ නැව් ගෙනාපු අයගේ වරදක් බවද රණවක මහතා පැවසීය.

නැව් සංස්ථාවේ නිලධාරියකු දුන් සාක්ෂියක් මත ඒ ගැන වැඩිදුර‍ටත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා කොමිසමට අවශ්‍යව තිබෙන බවත් තමා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කරුණු ඉදිරිපත් කරන බවත් පාඨලී චම්පික රණවක මහතා වැඩිදුර‍ටත් පැවසීය.