(ගයාන් සූරියආරච්චි)
අම්බලන්ගොඩ දෙල්දූව හෝටලයේ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුට ප්‍රවාහන පහසුකම් සැපයූ බව කියන අයෙක් හෙරොයින් ග්‍රෑම් 9 මිලි ග්‍රෑම් 640 ක් සමග කාගම ප්‍රදේශයේ සැගවී සිටිය දී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඉකුත් 2022 වසරේද අගොස්තු මාසයේ අම්බලන්ගොඩ දෙල්දුව හෝටලයක් තුළ දී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරිම සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරිමට සම්බන්ධ වෙඩික්කරු යතුරුපැදියෙන් රැගෙන ගිය බවට සැකකරුට චෝදනා එල්ලවී තිබුණි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදන්කඩවල පදිංචි වයස අවුරුදු 38 ක පුද්ගලයෙකි.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව දඹුල්ල කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කේ.ජී.ආර්. උදය කුමාර ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැටලීම සිදුකළහ.
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු ඉපලෝගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්බලන්ගොඩ ද්විත්ව ඝාතනයේ හෙන්චයියෙක් අල්ලයි