
( ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව පොලිස් වසමට අයත් ප්‍රදේශ දෙකක ඩුබායි රටේ සේවය කළ පුද්ගලයින් දෙදෙනෙකු එකවර මරණයට පත්ව ඇතිබවට තොරතුරු ලැබී ඇතිබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව නල්ලදරන්කට්ටුව කිරිවැල්කැළේ එස්. එම්. ජී. වත්ත පදිංචි පී. එම්. සඳුන් මධුසංක නැමති 28 හැවිරිදි අවිවාහක තරුණයෙකු සහ ආරච්චිකට්ටුව ඇන්ටන්විල්වත්ත අංක 343 පදිංචි මොහන්දිරම්ලාගේ රමේෂ් උදාර තිළිණ නැමති 42 හැවරිදි දෙදරු පියෙකි.
මෙම පුද්ගලයින් මීට වසර හතරකට සහ දෙකකට පෙර කුරුණෑගල ප්‍ර දේශයේ ප්‍රසිද්ධ ඒජන්සියකින් ඩුබායි රටේ රැකියාවකට ගොස් ඇති බව ඥාතීන් පවසයි.
මෙම පුද්ගලයින් සෑම දිනකම සිය ඥාතීන් සමග දුරකථන මාරගයෙන් සම්බන්ධතා පවත්වාගන ගොස් ඇතිබවත් මරණයට පත්වීමට දින කීපයකට පෙර තමන් අසනීප තත්වයකින් පසුවන බව මෙරට වාසය කරන සිය ඥාතීන් සමග පවසා ඇත.
අනතුරුව රෝගී තත්වය උත්සන්න වීමෙන් එරට රෝහලට ඇතුලත් කීරීමෙන් පසු පසුගිය 30 වැනිදා මරණයට පත්ව ඇතිබව එරට රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඥාතීන් පවසන්නේ මෙම මරණ සමබන්ධයෙන් ශ්‍රී ලංකා රජය මැදිහත්ව මෙරටට මෘත ශරීර ගෙන්වා විධිමත් සාධාරණ පරීක්ෂණයක් පවත්වා මරණවලට හේතු සොයා දෙන ලෙසයි.
මෘතශරීර මෙරටට ගෙන්වා ගැනීමට එක් මෘත ශරීරයක් සඳහා රුපියල් ලක්ෂ 12ට අධික මුදලක් වැයවන බවත් ඒසා විශෘල මුදලක් සිය ඥාතීන්ට වැය කිරීමට නොහැකි බවත් පවසන ඥාතීන් මේ සමබන්ධයෙන් රජයෙන් සහනයක් ලබා දෙන ලෙසටත් ඥාතීන් ඉල්ලීමක් කරයි.
විදේශ කටයුතු අමාත්‍යංශයෙන් මේ පිළිබඳව සිදුකළ විමසීමකදී එහි බළධාරීන් ප්‍රකාශ කර සිටියේ නීත්‍යානුකූල ලෙස විදෙස්ගතව සිටියදී එමරට තුළ මරණයක් සිදුවුවහොත් විදෙස් කටයුතු අමාත්‍යංශය මගින් යම් ප්‍රමාණයක් මුදලක් මෙරටට ගෙන ඒමට ලබාදෙන බවත් මෘත ශරීර සම්බන්ධයෙන් අදාල වෛද්‍ය පරීක්ෂණ පශ්චාත් මරණ පරීක්ෂ සිදු කිරීමටද කටයුතු කරන බවයි.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩුබායිවලදී ලාංකිකයින් 2ක් මරුට
hesa Thursday, 04 April 2024 02:24 PM
පුද්ගලයින් දෙදෙනෙකු එක්වරම මරණයට පත්වෙලාද? කුමක් හෝ විසක් ශරීරගත වෙන්න ඇති... පරීක්ෂණවලින් එයි විස්තර...!
Saroj Thursday, 04 April 2024 03:07 PM
මැද පෙරදිග සේවයට යන හැම කෙනාට ම විදේශ අමාත්‍යංශය විසින් බලෙන්ම වගේ රක්ෂණයකට කියලා දහස් ගණනක මුදල් අය කරනවා. සෑම අවුරදු 2කට සැරයක් , මෙයින් එහේ යන 99% දෙනෙක්ට කිසිම ප්‍රයෝජනයක් නැහැ. නිකන් මුදල් ගෙවනවා විතරයි. මෙවැනි අවස්තාවකවත් එයින් උපකාරයක් කරන්න බැරි නම් ඒ රක්ෂණය කියන එක සම්පූර්ණ ප්‍රෝඩාවක්.
sagaraslFriday, 05 April 2024 08:48 AM
එහෙම කියන්න එපා.ඔය විදේශ සේවා එකේ ඉන්න අය කාලා ඇඳලා ජීවත් වෙන්නේ කොහොමද ඔයාලා රක්ෂණ මුදල් ගෙව්වේ නැත්නම් ?
රංබොඩ Thursday, 04 April 2024 03:19 PM
මැද පෙරදිග රටවල ඉන්න අයට සෞඛ්‍ය රක්ෂණ තියෙනවා. ඒක නීතියක් . ඒ රක්ෂණයෙන් මිනිය තම රටට යවන්න ගෙවනවා. ඒ ගැන අදාල අය සොයා බැලිය යුතුයි.
Ari Friday, 05 April 2024 06:15 AM
එම රක්ෂණය වංචාවක් නොවේ. එහෙම නැතිව කොහොමද විදේශ රැකියා කාර්යාංශයේ අය ජීවත් වෙන්නේ? දායකයින්ට කුමක් සිදු වුවද කාර්යාංශයේ කාරණයක් නොවේ.