(යොහාන් භාසුර)
ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය මාස 10 කට ආසන්න කාලයකට පසුව රුපියල් 300 කට අඩු අගයක් දක්වා පහත වැටුණු බව ශ්රී ලංකා මහ බැංකුව අද (3) නිවේදනය කළේය.
ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමෙරිකානු ඩොලරයක නිරූපිත විනිමය අනුපාතය රුපියල් 299.96 ක් බවත් ඩොලරයක අගය රුපියල් 300 ට අඩු අගයකට පත්වූයේ පසුගිය වසරේ ජූනි 12 වැනිදායින් පසුව වීම කැපී පෙනේ.
අද දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 295.24 ක් සහ විකුණුම් මිල රුපියල් 304.60 ක් බවත් පසුගිය මාර්තු මස 28 දක්වා කාලය තුළදී ශ්රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7.6 කින් අතිප්රමාණය වී ඇති බවත් මහ බැංකුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් වික්රමසිංහ මැතිතුමා මෙච්චර හරියක් කරලාත්, තෙල් නැතුව කරන්ට් නැතුව හිටපු රටක් බේරාගෙන රට ආපහු ස්ථාවර කරලාත්, රුපියලට වටිනාකමක් දීලාත් මේවා තේරෙන්නේ නැති වටිනාකමක් නැති මිනිස්සු කොටසක් ඉන්නවානේ...!
ඩොලර් එක අඩු වුණාට මිනිස්සුන්ගේ බඩ පිරෙන්නේ නෑ මහත්තයෝ. අධික බදුබර නිසා මිනිස්සුන්ගේ අතේ සල්ලි නැති නිසා භාණ්ඩවලට ඉල්ලුම අඩුවෙනවා. එතකොට ආනයන කොහොමත් අඩුවෙලා ඩොලර් එකේ ඉල්ලුම අඩුවෙනවා. ණය ගෙවන්නේ නැති නිසාත් IMF වාරිකයක් ලැබුණු නිසාත්, ළමයින්ට දිවා ආහරය දෙන්න වගේ දේවල්වලට ලැබුණු ආධාර නිසාත් ඩොලර් එක අඩුවෙනවා. අනික මේ තත්වේ ඇතිවෙන්න අවුරුදු 50ක් පාර්ලිමේන්තු ගිය අයත් වගකියන්න ඕනේ...
හොඳයි එහෙම වුණා කියලා ඔබේ මගේ ජීවිතේට හොඳක් වෙලා තියෙනවාද? ආනයන නෑ. ණය ගෙවන්නෑ. රස්සාවල් දෙන්නෑ. විදුලිය, ඉන්නධ, වැට් බදු ආදියෙන් රජයේ ආදායම් වැඩියි. අපි කොටඋඩ...
ඔබේ ස්නායු ටික කපලා දාගත්තේ කවද්ද?