
රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 7.4 ක් සටහන් කළ භූමි කම්පාවකින් තායිවානය කැලැඹිණි. තායිවානය යනු චීනය අයිතිය ඉල්ලන චීනය අසල පිහිටි වෙනම පාලනයක් සහිත රාජ්‍යයකි.
මේ අයුරින් ප්‍රබල භූමි කම්පාවකින් තායිවානය කැලැඹුණේ වසර 25 කට පසුව යැයි ද පැවැසෙයි. තුවාල ලැබූ ගණන 50 කි. මරණ 4 ක් වාර්තා වේ.
භූමි කම්පාව හටගත්තේ තායිවානයේ වේලාවෙන් උදේ 8 ට පමණය. භූමි කම්පාවත් සමඟ පිලිපීනය, ජපානය ඇතුළු අසල්වැසි රටවලට සුනාමි අනතුරු නිකුත් කළ නමුත් පසුව එම අනතුරු ඇගවීම් අහෝසි කෙරුණි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd