IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


අධිකරණයට ප්‍රකාශයක් දෙන්න මෛත්‍රී බෑ කියයි

(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ප්‍රහාරය එල්ල කලේ කවුරුන් ද යන්න  සම්බන්ධයෙන්  මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් දීමට අකමැති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (03) දැනුම් දුන්නේය.

නීතීඥ සන්දීප්ත සූරියආරච්චි මහතාගේ මෝසමකට අනුව මෙම නඩුව කැදවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මගින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරසේන මහතා මේ පිළිබඳ දැනුම් දුන්නේය.



අදහස් (34)

අධිකරණයට ප්‍රකාශයක් දෙන්න මෛත්‍රී බෑ කියයි

අරවින්ද මොනරවිල Wednesday, 03 April 2024 01:19 PM

ඉක්මනට වැලිකඩ බෝඩිමේ කාමරයක් ලැබෙයි වගේ !

:       1       90

samThursday, 04 April 2024 12:27 PM

වැලිකඩ කෙසේ වෙතත් ,ඉක්මනට අංගොඩ යවන්න ඕන.මුන් වගේ එවුන් පාලනය කරපු රටවල් මෙහෙම තියන එකත් ලොකු දෙයක්

:       0       0

m. saman perera Wednesday, 03 April 2024 01:24 PM

හිරේ ඉන්න ඕනෑ කෙනෙක්...

:       1       86

සෙනෙවිරත්න Wednesday, 03 April 2024 01:29 PM

හොඳටම විකාර වගේ...

:       2       73

wedage Wednesday, 03 April 2024 01:30 PM

එළුවෙක්නේ බෑ කියන්නේ...!

:       0       64

sakalan Wednesday, 03 April 2024 01:33 PM

මෙයාව අල්ලලා වසර 25 කට හිරේ දාන්න ඕනෑ නඩු අහන්නේ නැතිව...

:       3       102

Bunny Preena Wednesday, 03 April 2024 01:49 PM

අපරාධයක් සම්බන්ධව කරුණු කාරණා දැනගෙන එය සඟවා තැබීම දඬුවම් ලැබිය හැකි වරදක් වෙන්නේ, පොලිසියට බලහත්කාරයෙන් වගේ කුදලාගෙන යන්න නීතියේ ප්‍රතිපාදන තියෙන්නේ පොඩිමිනිස්සුන්ට විතරක්ද? ලොකු ලොකු මිනිස්සුන්ට නීතිය ඇයි වෙනස්..?

:       1       134

beau Wednesday, 03 April 2024 01:53 PM

ඔන්න බොරු කාරයින්... දැන් පේනවනේ මෙයා ගහන කෙප්ප...

:       1       95

රාජේශ් ඛන්නා Wednesday, 03 April 2024 02:03 PM

අහිංසක මිනිස් ජීවිතත් සමඟ සෙල්ලම් කරමින් නීතිය සහ අධිකරණය විහිළුවක් සේ තකන මොහු අල්ලා ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතිව සිරගත කළ යුතුමයි...

:       1       85

ravin Wednesday, 03 April 2024 02:06 PM

හිටන් කියන්නේ බොරුවේ ලොකුම හිල්... ගරු අධිකරණයට ගිහිල්ලා බොරු කියන්න බැරි බව හැමෝම දන්න කරුණක්. මේ වගේ උදවිය යවන්න ඕනේ සදහටම කුණු කූඩෙට...

:       1       71

Prabha Wednesday, 03 April 2024 02:16 PM

උසාවි නැතත් අංගොඩ යවන්න...!

:       1       63

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 03 April 2024 02:17 PM

එහෙම කොහොමද බැහැයි කියන්නේ? නීතිය සැමට සමානයි හා සාධාරණයි කියන දේ හෝ මේ හිටපු ජනපති හා ග්‍රාමසේවක මහත්තයා දන්නේ නැතිද? ඒ සෙල්ලම් බෑ. නීතියත් එක්ක වෙට්ටු බෑ. අධිකරණ වෙත හිස නමා ප්‍රශ්නයට මුහුණ දෙන්න.

:       0       74

චේතනාThursday, 04 April 2024 05:05 AM

අනේ සමිත උන්නැහේ හිටං අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දීලා තියෙනවා ඉතින් එම දෙපාර්තමේන්තුවට ඒක අධිකරණයට ඉදිරිපත් කර කටයුතු කරන්න පුළුවන් .තමුන් කියන්නෙ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියල ප්‍රකාශ දෙනවා වගේ ප්‍රකාශයක් දෙන්නද

:       1       2

Buddika Wednesday, 03 April 2024 02:37 PM

මහා ලොකු චන්ඩියෙක් වගේ මෙයා ප්‍රසිද්දියේ කිව්වේ මේක කරපු අය දන්නවා රහසිගත ප්‍රකාශයක් දෙනවා කියලා. ජීවිත ගනණාවක අහිමිවීම් සියල්ලේ ප්‍රධාන වගකිව යුත්තා මොහු නේද? අපරාදයක, සමූල ඝාතනයක තොරතුරු වසන් කිරීම වරදක් වගේම එයට අනුබල දීමක්. වහාම මේ මිනිහා අත්අඩංගුවට ගෙන දඩුවම් කල යුතුයි.

:       0       57

විජිත් Wednesday, 03 April 2024 03:08 PM

පතෝල සිරිසේන, ඉල්ලන් කාපු හැටි හෙට අනිද්දා, සමහර විට අද හවස බලාගන්න පුළුවන්... කෙලින්ම අධිකරණයට අපහාසයක් කරලා තියෙන්නේ. හිතාගෙන ඉන්නේ සමහර නිලධාරීන් එක්ක වගේ නඩු කාරයෝත් එක්ක සෙල්ලම් කරන්න පුළුවන් කියලා." ප්‍රකාශයක් දෙන්න බැරිනම්... ඇයි මුලින්ම කීවේ ප්‍රකාශයක් දෙන්න කැමැතියි කියලා...? ඇදගෙන නෑවා. ලෝචනා කියන්නේ බොහෝම නිර්භීත අවංක නොනැමෙන කීර්තිමත් විනිශ්චයකාරතුමියක්. දෙන්න පුළුවන් ඉහලම දඬුවම ලබාදේවි. සමහරවිට පණපිටින් හමගහන්න වුණත් නියෝග කරන්න පුළුවන්...!!!

:       1       53

සුන්දරා Wednesday, 03 April 2024 03:15 PM

මෙයා සී අයි ඩී එකට ගිහිල්ලා පැය ගණනක් සාක්කියක් දුන්නා කියලා අහන්න ලැබුණා... හිටං ඉතින් ආයෙමත් දෙන්න ඕනෑද ඊළඟට වෙන්නේ මොකක්ද?

:       4       23

චන්දන Wednesday, 03 April 2024 04:06 PM

මේ මිනිහා මානසික රෝගියෙක්. ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි. දේශපාලනයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ.

:       1       29

siri Wednesday, 03 April 2024 04:21 PM

1977 දක්වා කීර්තිමත් ඉතිහාසයක් තිබුණු SLFP එක විනාශ කරලා. තව ජනාධිපති වෙන්න සිහින දකිනවා.

:       1       27

මහින්ද අබේසේකර Wednesday, 03 April 2024 05:31 PM

හාල් මලයා මොකද කියන්නේ දන්නේ නැහැ... හෙන පොරටෝක් කාරයානේ...!

:       1       24

සපුමල් Wednesday, 03 April 2024 05:50 PM

ඇත්ත කතාව තමයි බුද්ධි අංශ සමග මේ පුද්ගලයාද පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධයි කියන එක. ඒක වෙලාව ආවාම එළියට එයි...

:       1       24

nimal Wednesday, 03 April 2024 06:31 PM

එයා වංචාකාරයෙක්. විශ්වාස කරන්න එපා. හොඳටම විකාර වගේ. ඔහු අපායේ ජීවිතය අවසන් කරනු ඇත. උගත් නැති පුද්ගලයෙක් සහ ඔහු ඔහුගේ පෙර තනතුරු සියල්ලම ලබා ගත්තේ දේශපාලනඥයන් පසුපසින් යමිනි. කොහෙත්ම උගත් නැහැ. කණගාටුයි මේ වගේ කෙනෙක්ට ඡන්දය දීලා පාර්ලිමේන්තුවට යවපු සාමාන්‍ය ජනතාව ගැන...

:       0       30

jay Wednesday, 03 April 2024 06:49 PM

අපරාධයකට සම්බන්ධ තමන් දන්නා දෙය විනිසුරුවරයා ඉදිරියේ ප්‍රකාශ කළ නොහැකි බව පවසන පුද්ගලයාට කුමක් සිදුවේද යන්න නීතිය සම්බන්ධයෙන් ප්‍රවීණයකු විසින් පැහැදිලි කර දෙනවද?

:       0       0

ගමේ එකාලා Wednesday, 03 April 2024 07:40 PM

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් දන්න බවත් අගවිනිසුරුට පමණක් ඒ ගැන ප්‍රකාශයක් දෙන්ඩ සූදානම් බවත් ප්‍රසිද්ධියේ කියපු තමුන් දැන් මොකද බෑ බෑ ගාන්නේ? මොකක් හරි හොරයක් ඇතිනේ ?

:       0       0

නිහාල් Wednesday, 03 April 2024 07:46 PM

මෙයා දන්නා දෙයක් නෑ. ඕන වුණේ බොරුවක් කියලා ජනතාව රවටලා මෙදා පාර ඡන්දෙන් ආයෙත් පාර්ලිමේන්තු එන්න විදියක් හදාගන්න. නඩු දාල නිකං ඕන නැති දේවල් කරන්න ගියානෙ තරහකාරයො. දැන් ගලේ පහරපු බලලා වගේ හතර අතේ නටනවා

:       0       0

sathyapala Wednesday, 03 April 2024 08:12 PM

හෝඩියේ ඉදලා විශ්ව විද්‍යාලයට ගිහින් ආපහු පැම්පර් ඇඳගෙන හෝඩියේ පන්තියට ගිහින් ටීචර්ගෙන් ගුටිකන කෙනෙක් වගේ. යන්න පුළුවන් උඩම තනතුර ජනාධිපතිකම ඉවරවෙලා ආපසු මන්ත්‍රීකමක් අරගෙන පචවෙන සත්තු ඉන්නේ ලංකාවේ විතරයි. මන්ත්‍රීකම නැති වුණොත් මොවුන් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීකමක් හරි අරන් මැරෙනතුරු කීයක්හරි තව සාක්කුවේ දාගන්න බලනවා.

:       0       0

Sanath Wednesday, 03 April 2024 09:22 PM

ජනාධිපති කරවලා රටත් කෑවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විනාශ කළා. පාස්කු ප්‍රහාරයේ සිද්ධිය මෙයා ඔක්කෝම දන්නවා. දැන දැනත් ක්‍රියාමාර්ග නොගෙන සද්ද නැතුව හිටියා. ඒක බරපතල වරදක්. අධිකරණයත් නොමග යවන්න හදනවා. ජීවිත විශාල ගණනක් විනාශ කරපු පාස්කු ප්‍රහාරයට උදව් කරපු සැමටම අද හෙටම ගෙවන්න වෙනවා. බුදු දහමට බොරු කරන්න බෑ. බුදු දහම සත්‍යයි.

:       0       0

Upul basnayaka Wednesday, 03 April 2024 10:17 PM

පාස්කු ප්‍රහාරයේ සියළු දේවල් දන්නවා, දැන් බබා වෙනවා,,, මහ බැංකු වංචාව කළ උන්ව හෙළිවෙනවාට .කොමිසන් වාර්තාවෙ අවසන් පිටු ගලවගෙනයි ඒක සභාගත කලේ,,මේයා.කඩප්පුලියා,,, අධිකරණයට උපදෙස් දෙන්න ජනාධිපති මුස්ටිය දැන් නැහැ හිටං,,,,,

:       0       0

Perera Wednesday, 03 April 2024 11:25 PM

ඇදගෙන නාන ගමන් සබනුත් ගාගන්න සීන් එකක්

:       0       2

N. arisena Thursday, 04 April 2024 12:27 AM

මේ මනුස්සයත් රටේ ජනාධිපති වෙලා හිටියනේ. ඉතිං රට මෙහෙම හරි තියෙනවා ඇති. මෙයාට තේරෙන්නේ නැද්ද බෑ කියලා හරියන්නේ නෑ කියලා. මොන්ටිසෝරි ළමයි වාගේ හැසිරෙන්නේ. දැන් එයා කියන කරන දේවල් ටිකක් අමුතුයි. කටවරද්දා කියලා හිතෙනවා ඇති. මේ කතාව කියලා එතුමා මොනවා බලාපොරොත්තු උනාද දන්නේ නෑ. කාගේ හරි හොඳ ලනුවක් කෑවද දන්නේ නෑ. කොහොමත් දැන් ජනාධිපති සිහිනේ පැත්තක තියලා මේකෙන් බේරෙන්න වෙහෙසෙන්න වෙයි. හිරේට යයි ද මන්දා.

:       0       2

chandima Thursday, 04 April 2024 02:56 AM

මෙයාව ඉස්සරහට දාලා පොඩි රැඟුමක් පෙන්නන්න වෙලේ අනික් බොරු හැංගුනා වගේ නේද ?දැන් මිනිස්සුන්ට හොරු මතක නැහැ

:       0       2

රත්නායක Thursday, 04 April 2024 05:29 AM

මහජන මුදලින් මෙවැනි මිනිසුන් තව දුරටත් නඩත්තු කල යුතුද???

:       0       5

නිහාල් Thursday, 04 April 2024 08:21 AM

සාමාන්‍ය මිනිහෙක්ට නම් මෙහෙම නටන්න අධිකරණයෙන් ඉඩක් තියෙයි ද

:       0       3

WICKY Thursday, 04 April 2024 11:26 AM

මෙයාලා ජනාධිපති වරප්‍රසාද කියලා හැම බලු වැඩක්ම කරලා ඇඟ බේරාගන්න හදනවා. මෙයාලාගේ විශ්‍රාම වැටුප හැර අනික් හැම වරප්‍රසාදයක්ම අහෝසි කරන්න ඕනෑ. සියලුම විශ්‍රාමික ජනාධිපති වරුන්ගේ රටේ දුප්පත් මිනිහාගෙන් ටැක්ස් ගහලා සුළු පිරිසක් අධිපෝෂණය කරනවා.

:       0       1

සෑම් Thursday, 04 April 2024 01:13 PM

තුහ් නොදකින්, මේකව තාමත් ශ්‍රී.ල.නි.ප. නායකයා හැටියට තියාගෙන ඉන්නවනෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අරාබියේ හිරගෙවල්වල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව
2024 මැයි මස 03 62 0

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇත


‘මුහුදු රළ ගැන අවධානයෙන් ඉන්න‘
2024 මැයි මස 03 44 0

මෙරට ඇතැමි ප්‍රදේශවල මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවධානය යොමු කරන ලෙස දන්වමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් ක


පුදුකුඩිඉරිප්පුවට ඊශ්‍රායල් රැකියා
2024 මැයි මස 03 162 0

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන පුදුකුඩිඉරිප්පුවේ දී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක


නිලධාරී හිඟයෙන් පුරාවිද්‍යාව කොට උඩ
2024 මැයි මස 03 64 0

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 1576 දෙනකුගේ උග්‍ර හිඟයක් පවතින බව වාර්තාවේ.


පදවාගෙන යමින් සිටි ත්‍රිරෝද රියක් හිටි හැටියේ ගිනි ගනී
2024 මැයි මස 03 134 0

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ගමන් කරමින් තිබු ත්‍රී රෝද රථයක් නානුඔය, තැපැල් කාර්යාලය ඉදිරිපිටදී අද (03) ගිනි ගැනීමකට ලක්ව සම්පුර්ණයෙන් විනාශයට පත්ව ගොස් ඇ


දමිතාගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
2024 මැයි මස 03 184 0

නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සිය මානව හිමිකම් කඩවූයේ යැයි ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (3) පැම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 466 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1896 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1681 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site