(සනත් ගමගේ)
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නෞකාවකට වාහන පැටවීමේ නිරතව සිටියදී මෝටර් රථයක් මුහුදට වැටීමෙන් එහි රියදුරු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තාවේ.
අද (03) අළුයම 2.30 ට පමණ පැනමා ධජය යටතේ හම්බන්තොට ජාත්‍යයන්තර වරායට වාහන ප්‍රතිඅපනයනය කිරිම සඳහා පැමිණ වාහන ප්‍රවාහන නෞකාවකට වරායේ ගාල්කර තිබෙන වාහන පැටවීමේ දී මෙම අනතුර සිදු වී ඇත.
නෞකාවත් ජැටියත් අතර කොටසට මෝටර් රථය වැටීමෙන් අනතුර සිදුව තිබේ. රියදුරුට නින්ද යෑම හේතුව වන්නට ඇතැයි දැනට අනාවරණය වී ඇත.
මෝටර් රථය උදෑසන වනතෙක් ගොඩට ගෙන නැත. තුවාල ලැබූ රියදුරු හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මේ සම්බන්දයෙන් වරාය බලධාරීන් කිසිවක් ප්‍රකාශකර නොසිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුවතට අදාළ වන පිංතූරය ඉතාමත් ප්රබලව ස්පර්ශ වන්නකි. හත්වන වරටත් ලංකදීපය වැදගත් තැනක මුල්තැන.