(ඩි.ජී.සුගතපාල)

ගාල්ල පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු අද අලුයම පලාගොස් ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.

මෙසේ පලාගොස් ඇත්තේ හෙරොයින් සන්තකයේ තබා ගැනිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඉකුත් 01වනදින අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු වැඩිදුර පරික්ෂණ සඳහා රැඳවුම් නියෝග ලබාගෙන රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකි.

ගාල්ල බෝපෙ වටරැකපාර පදිංචි 26 හැවිරිදි සැකකරුවෙක් සහ ගාල්ල කෝන්ගහ පාර මයිනගොඩ පදිංචි 33 හැවිරිදි සැකකරුවෙක් මෙසේ පලාගොස් තිබේ.