( නිශාන්ත කුමාර )

 වන අලි පලවා හැරීම සඳහා ගෙවත්තක් වටා ඇද තිබූ විදුලි වැටක ගැටීමෙන් මහියංගණ මාපාකඩ රෝහණ ප්‍රදේශයේ පුද්ගලයකු අද (03) උදෑසන මිය ගොස් ඇතැයි මහියංගන පොලිසිය පවසයි.

 සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මහියංගණ මාපාකඩ, රෝහණ අංක 17 පදිංචි  එදිරිසිංහ මුදියන්සේලාගේ මැදගෙදර වීරසේන නමැති පනස් හය හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලිසිය පරීක්ෂණ පවත්වයි.