
ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තා අතරට එක් වී සිටි වෙනිසියුලානු ජාතික යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 114 ක් බව පැවැසෙයි.
යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා, ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තා අතරට එක් වූයේ 2022 පෙබරවාරි 4 වැනිදාය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 112 ක් විය.
යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝර දිවියෙන් සමුගත් පුවත ප්‍රසිද්ධියට පත් කළේ වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝය. ඒ, සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් තබමිනි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා...!