පිපාසයට දිය සොයා පැමිණි අලියා මඩේ එරිලා වවුනියාව මාමඩුව ප්‍රදේශයේ මඩ වළක එරී සිටි වයස අවුරුදු 05 ක් පමණ වන වන අලියකු මුදවා ගැනීම සදහා වවුනියාව වනජීවි නිළධාරීහු දැඩි වෙහෙසක් ගනිති. 04 September 2023
රට පැන්න අයියලා 148 කට ඉන්ටර්පෝල් වරෙන්තු මිනීමැරුම් ඇතුළු විවිධ අපරාධ කර මෙරටින් පලාගොස් ඇති දරුණු ගණයේ පාතාල අපරාධ කරුවන් 148 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය (Interpol) රතු නිවේදන නිකුත් කර ඇතැයි අපරාධ සහ නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී පැවසීය. 04 September 2023
බංග්ලාදේශය ලකුණු 89 කින් ඇෆ්ගනිස්ථානය පරදවයි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ සිවුවැනි තරගය ලෙස ලාහෝර්හිදී අද (3) පැවැති තරගයේදී (දිවා/රාත්‍රී) බංග්ලාදේශ පිල ලකුණු 89 කින් ඇෆ්ගනිස්තානය පරාජය කිරීමට සමත් විය. 04 September 2023
තැනින් තැනට අදත් තද වැසි බස්නාහිර,සබරගමුව,දකුණ,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 September 2023
වැලිවේරියේ වෙඩි තැබීමට සංගීත කණ්ඩායමක සාමාජිකයකු අල්ලයි වැලිවේරිය ඉකුත් මස 5 වෙනි දින මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීගමුවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයකු අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි. 04 September 2023
පොලිස් ධජවලට සෙත් පතති 157 වන පොලිස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් ධජවලට ආශිර්වාද කිරිමේ පුණ්‍යෝත්සවය අනුරාධපුර පිහිටි ජය ශ්‍රී මහ බෝධින්වහන්සේ අභියසදී හා රුවන්මැලි සෑරදුන් අභියසදී අද පස්වරුවේ කෙරිණි. 03 September 2023
නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ ගිනි අවියෙන් මිනී මරලා මාතර, දික්වැල්ල මෝදර කන්ද පන්සල වත්තේදී පසුගිය අගෝස්තු 15 දින සිදු කළ ඝාතනයට යොදා ගෙන ඇත්තේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුභාණ්ඩයක් ලෙස තැන්පත් කර තිබූ ගිනි අවියක් බවට අණාවරණය වි ඇත. 03 September 2023
කල්මුණේ අශ්රෆ් රෝහල පිටුපස අමු අපායක් අම්පාර කල්මුනේ අශ්රෆ් රෝහල පිටුපස ඇති ඇළ දැඩි ලෙස අපිරිසිදු විම නිසා එම ප්‍රදේශයේ ජනතාව මහත් අපහසුතාවයට පත්ව ඇති බව ප්රදේශවාසිහු පවසති. 03 September 2023
වෙනසකට සැරසි ශ්‍රීලනීප 72 සමරයි ‘‘එක්වෙමු වෙනසකට සැරසෙමු‘‘ තේමාව කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වන සංවත්සරය පක්ෂ සභාපති හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ඉම්පීරියල් උත්සව ශාලාවේ දී අද සවස පැවැත්විණි. 03 September 2023
ලංවිමට අයත් විදුලි රැහැන් ළග තියාගත් කෝටිපතියා රිමාන්ඩ් ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි රැහැන් තොගයක් නීති විරෝධි ලෙස සන්තකයෙ තබා ගැනිම ඇතුළු චෝදනා ගනනාවක් සම්බන්ධව කරුවලගස්වැව පොලිසිය මගින් අත් අඩංගුවට ගැනුන කෝටිපති ව්‍යාපාරිකයකු අනිද්දා (5) දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම මහෙස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා නියෝග කර තිබුණි 03 September 2023
වාහන 15 ක් හප්පා පලාගිය රියැදුරුට පොලිසියේදි පෙරළගෙන පහර දෙද්දි අහසට වෙඩි මාර්ගයේ ධාවනය වෙමින් තිබූ රථ වාහන පහලොවක් පමණ හප්පා පලා යමින් සිටි රියදුරෙකු පසු පස හඹා පැමිණි පිරිසක් අද (03) රාත්‍රි එම රියදුරුට අතුරැගිරිය පොලිස් ස්ථානය තුලදී බිම පෙරලගෙන පහර දීම නිසාවෙන් ඇති වූ උණුසුම් තත්වය අහසට වෙඩි තබා පාලනය කිරීමට කටයුතු කල බව අතුරැගිරිය පොලිසිය පවසයි 03 September 2023
ජනපති මහ සමුළු දෙකකට එතෙර යයි ප්‍රධාන ජාත්‍යන්තර සමුළු දෙකකට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 13 පෙරවරුවේ දිවයිනෙන් බැහැර යයි. 03 September 2023
සූර්වී පදවා අයෙක් බිලිගනී: හයක් රෝහලේ ඇඹිලිපිටිය ගල් වංගුව ප්‍රදේශයේ දී (3) පස්වරුවේ මෝටර් රථයක් වාහන පහක ගැටීමෙන් 73 හැවැරිදි පුද්ගලයෙකු මියගොස් තවත් හය දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටිති. 03 September 2023
අත්තනගලු ඔයේ වතුර වැඩියි: පරිස්සමෙන් වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම සැලකිලිමත්විය යුතු තත්ත්වයකට පත්ව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙහි ගම්පහ කාර්යාලය සදහන් කරයි. 03 September 2023
හෝමාගම කටුවානේ ඇල වේල්ලක පුළුන් කන්දක් හෝමාගම කටුවාන කර්මාන්ත පුරයට යාබද දෙල්ගහවත්ත ප්‍රදේශය හරහා වෙල් යායක් මැදින් ගලා බසින ඇල වේල්ලක දින පහක පමණ සිට සුදුපැහැති විශාල ප්‍රමාණයේ හදුනා නොගත් පුලුන් රොදක් වැනි යමක් හට ගැනීමෙන් පාරිසරික හා සෞඛ්‍ය ගැටළු රැසක් මතුව ඇතැයි ජනතාව චෝදනා කරති . 03 September 2023
දෙදරු පියා බිම තැබූ කොසය පොලිසිය කරේ තියන් දුවයි මෙරට ඉහළම ප්‍රභූවරයකු ගමන් ගත් මාර්ගයේ සිය හත් හැවිරිදි දරුවා ද සමඟ කොස් ගෙඩියක් කර තබාගෙන ගිය තිදරු පියා ගම්පොල පොලීසිය වෙත කැඳවා ඇතැයි වාර්තා වේ. 03 September 2023
ගස මෝටර් රථ තුනක් කුඩු කරයි අධික වර්ෂාව හා දැඩි සුළං හේතුවෙන් ජා-ඇල සාන්ත වික්ෂෝප මතා දේවස්ථාන භූමියේ තිබූ දැවැන්ත කොහොඹ ගසක් කඩා වැටීම හේතුවෙන් එම භූමියේ නතර කර තිබූ මෝටර් රථ 3 කට දැඩි හානි සිදු ව ඇතැයි පොලිසිය කියයි. 03 September 2023
‘උසස් පෙළ සිසුන් බිල්ලට දෙන්න එපා’ අපොස උසස් පෙළ (2023) විභාගය නියමිත දිනයට පෙර පැවැත්වීම එම සිසු දරුවන්ගේ මානව හිමිකම් අමු අමුවේ වළලා දැමීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 03 September 2023
ලැගුම්හළකදී පෙම්වතියට පහරදුන් පෙම්වතා අත්අඩංගුවට නිට්ටඹුව, එල්ලක්ල ප්‍රදේශයේ පිහිටි හෝටල් කාමරයක ලැගුම් ගෙන සිටියදී පෙම්වතිය බව කියන තරුණියට නහයෙන් කටින් ලේ එනතුරු පහරදී බරපතළ තුවාල සිදු කළේ යැයි කියන ඇගේ පෙම්වතා බවට පැවසෙන තරුණයෙකු අද (3) නිට්ටඹුව මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 03 September 2023
හම්බන්තොට ‘සිනොපෙක්’ තෙල් පිරිපහදුවක් ‘සිනොපෙක්’ සමාගම හම්බන්තොට ඉදිකිරීමට බලාපොරොත්තු වන නව පිරිපහදුව වෙනුවෙන් ආයෝජනය කිරීමට නියමිත බවත් ඒ සඳහා වන ව්‍යාපෘති යෝජනාව ලබන සතිය තුළ ඉදිරිපත් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 03 September 2023
විදේශිකයා හෝටලයට ගිනි තබා යකා නටලා වැලිගම කුඹල්ගම කුරුඳුවත්ත ප්‍රදේශයේ සංචාරක නිකේතනයක ලැගුම්ගෙන සිටි විදේශිකයකු එහි හිමිකරුට තියුණු ආයුධයකින් පරදි පසුව කාමරයට ගිනි තබා විදේශිකයා ද එම ගිනි ගොඩට පෑනිම නිසා පිලිස්සුම් තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි. 03 September 2023
සුපිරිසිදු කැබිලිත්ත බැතිමත්හු වනසති ඓතිහාසික කැබිලිත්ත දේවාලය වැද පුදා ගැනීමට යන බැතිමතුන් විශාල මුදලක් වැය කර රැගෙන යන බුද්ධ ප්‍රතිමා දේව ප්‍රතිමා දේව ආභරණ නිසා අවට පරිසරය විශාල ලෙස හානියකට ලක්කර දැඩි පාරිසරික හානියකට ලක්කෙට ඇතැයි පරිසර වේදීහු කියති. 03 September 2023
උතුරු පොල් ත්‍රිකෝණය අරඹයි ශ්‍රී ලංකාවේ අභිනව පොල් ත්‍රිකෝණය ලෙසින් ’ උතුරු පොල් ත්‍රිකෝණය ’ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය පලෙයිහි ආදර්ශ පොල් වගා උයනේදී ආරම්භ කෙරිණි. 03 September 2023
පොලිස්පති වරද පිළිගනී විවිධ පුද්ගලයන් රථවාහන වැරැදි කරන ආකාරය වීඩියෝගත කර ඒවා මාධ්‍ය මඟින් ප්‍රදර්ශනය කරන රථවාහන පොලිසියේ ක්‍රමවේදය වැරැදි බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පිළිගත්තේය. 03 September 2023
කොළඹ ජලයෙන් යටවෙයි කොළඹ නාගරික සීමාවට අද (3) පෙරවරුවේ ඇඳ හැලුණු අධික වාර්ෂාවත් සමඟ කොළඹ නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවිය. 03 September 2023
බොරළුකන්ද විහාරයට එරෙහි උද්ඝෝෂණයට වාරණයක් ත්‍රිකුණාමලය, නිලාවෙලි, ඉලුප්පුකුලම බොරළුකන්ද විහාර භූමිය ඉදිරිපිට රැස්වී විරෝධතාවයක් පැවැත්වීම වළක්වාලමින් ත්‍රිකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් දර්ශණී අන්නතුරෙයි මෙනවිය වාරණ නියෝගයක් නිකුත් කළාය. 03 September 2023
පාටියෙන් කෑ මුදල් රාජ්‍ය ඇමැති රෝහලට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා හදිසියේ අසනීප වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට පෙරේදා( 2) ඇතුළත් කරනු ලැබීය. 03 September 2023
’අරයට මෙයාට බැනල රටවල් හදන්න බෑ’ රට ආරක්ෂා කිරීම සැමගේ වගකීමක් වන අතර අරයට මෙයාට බනිමින් සිට රටවල් හදන්න නොහැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 03 September 2023
බොරළුකන්ද විහාරයේ තහනම ඉවත් කළැයි විරෝධය ත්‍රිකුණාමලය, නිලාවෙලි බොරළුකන්ද රජමහා විහාරයේ තහනම ඉවත් කිරීමට එරෙහිව උප්පුවේලි සාම්බල්තීව් පාලම අසලදී අද (03) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් හා සෙල්වරාසා ගජේන්ද්‍රන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්වුණි. 03 September 2023
ලංකාවේ සිට රන් ජාවාරමේ යෙදුණු 2ක් ඉන්දියාවේදී දැලේ ශ්‍රී ලංකාවේ සිට ජාවාරම් කළ රත්තරන් බිස්කට් කිලෝ ග්‍රෑම් 14.8 ක් අත් අඩංගුවට ගැනීමට ඉන්දියාවේ රාමනාතපුරම් රේගු නිලධාරීන් සමත්වී ඇත. 03 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026