IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


කච්චතිවු දුන්නාට මෝදිට කේන්ති ගිහින්

(විමුක්ති එස් රුද්‍රිගු)

එවකට හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ඉන්දීය කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කළේය.

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලබා ගත් තොරතුරු මත 1974 වසරේදී ඉන්දිරා ගාන්ධි මහත්මිය අග්‍රාමාත්‍යවරිය ලෙස කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට පවරා දීමට කටයුතු කර තිබෙන බවට අනාවරණය වීම හේතුවෙන් මෝදි මහතා මෙලෙස කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කර ඇත.

කච්චතිව් ප්‍රශ්නයට වගකිව යුත්තේ කවුරුන්දැයි පිළිබඳ සැමගේ දෑස් මේ වනවිට විවර වී ඇති බවත් ඉන්දියාවේ පැරණි පක්ෂයක් වූ කොංග්‍රස් පක්ෂය රටේ එකමුතුකම සහ අඛණ්ඩතාව දුර්වල කර ඇති බවත් මෝදි මහතා පැවැසුවේය. ඉන්දිරා ගාන්ධි මහත්මිය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඉන්දියානුවන් කෝපයෙන් පසුවන බවත් කොංග්‍රස් පක්ෂය විශ්වාස කළ නොහැකි බවට මතයක් ඔවුන්ගේ සිත්වල ගොඩ නැගී ඇති බවත් මෝදි මහතා ප්‍රකාශ කළේය.

රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාව අතර පිහිටි කච්චතිව් දූපත සාම්ප්‍රදායිකව දෙරටේම ධීවරයින් විසින් භාවිත කරන ලදී.නමුත් 1974 වසරේදී එවකට හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය විසින් කච්චතිව් දුපතේ අයිතිය ශ්‍රී ලංකාවට පවරා දෙනු ලැබිණ.

 



අදහස් (10)

කච්චතිවු දුන්නාට මෝදිට කේන්ති ගිහින්

Senaka Sunday, 31 March 2024 07:10 PM

අච්චර ලොකු රටක් තිබිලා, මේ හිම්බිත්තක් නැති දූපතකට අඬනවනේ මේ අය... පුළුවන් නම් ලංකාව තව කිලෝමීටර් 100ක් විතර ඉන්දියාවෙන් ඈතට ගෙනියන්න... මේ ප්‍රශ්ණ සෑහෙන තොගයක් අඩු කර ගන්න පුළුවන්. ඔයාලාගේ ඡන්ද වෙනුවෙන් අපේ මේ රට අල්ලා ගන්න එපා. ඔය වටේ තියෙන්නේ ලොකු රටවල්... අන්න ඒවා ගැන කතා කරන්න.

:       3       119

සරත් කුමාර Sunday, 31 March 2024 07:33 PM

බය වෙන්න එපා මෙයා.. කච්චතිව් වලට හිලව් වෙන්ඩ මුලු ලංකාවම ඔයාට ඕනේ විදියට නටවන්න අයිති කරලාම දෙන්න උපන් හපන් සෙට් එකක් ලංකාවේ ඉන්නේ.. මෙවුන්දලා පාලම් ගහලා, ලන්කාවේ ගොං පැටවුන්ට ටිකිරි කථා කියලා, ලංකාවේ කොන්දක් කියලා එකක් නමට හරි තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒකත් කඩලා, මකබෑවලාම ඔහේලාට පාවලා දෙන්න මෙහෙ වරිග සභාව ලෑස්තියි...

:       5       96

ම0ජුල Sunday, 31 March 2024 08:02 PM

ඡන්දය ළඟයි එහෙත්

:       0       1

රංබොඩ Monday, 01 April 2024 02:12 AM

එවකට රට පාලනය කළ ගරු සිරිමාවෝ මැතිණි කච්චතිව් ප්‍රශ්නය විතරක් නෙවෙයි රට තුළ ඉන්න අපේ ර⁣ටේ පුරවරසිභාවය නැති ඉන්දියානුවනුත් එරටට යවන්නයි සියල්ල සකස් කරලා තිබුණේ.නමුත් ජේ.ආර් .බලයට පත් වුණේ ඒ සිංහලවත් බැරි ඉන්දියානුවන් ලක්ෂ ගණනකට රටේ පුරවරසිභාවය දෙමින්. අලියට කතිරෙ ගැසීම පමණයි ඔවුන්ට කරන්න තිබුණෙ. දැන් ඉන්නෙත් ඒ ජේ.ආර්. ගෙ පුතෙක්.

:       0       13

ranjith Monday, 01 April 2024 04:18 AM

ප්‍රෟඩ ඉතිහාසයක් තිබුණු රට අද විනාශ වෙලා.. කොන්ද පණ තියෙන නායකයෝ නැති නිසා...

:       0       3

උපුල් Monday, 01 April 2024 10:07 AM

වල්ල පාග ගන්න අවශ්‍ය නෑ. මෙයාට කච්චතිව් අවශ්‍ය නෑ. මෙයා කරන්නෙ ඉන්දීය ජනතාව තුළ කොන්ග්‍රස් එක ගැන වෛරයක් ඇතිකරලා ඡන්ද ටික ගන්න.

:       0       27

Malawathanthrge Lakshman Monday, 01 April 2024 10:24 AM

මෝඩි ජී, කලාපයේ භූ දේශපාලන ගතිකත්වය තේරුම් ගත යුතුය. මාලදිවයින සහ නේපාලය අධිපතිවාදය නිසා ඉන්දියාවෙන් ඈත් වී ඇත. මැතිවරණ වාචාල කතා වෙනුවට ඔහු සහ ඔහුගේ රජය රාජ්‍ය තාන්ත්‍රික මාර්ගය අනුගමනය කර වෙනත් රටවල් කෙරෙහි විශ්වාසය ඇති කළ යුතුය. අපි කුඩා විය හැකි නමුත් ශ්‍රේෂ්ඨත්වය තුළ ජීවත් වීමට අපට අයිතියක් ඇත.

:       0       8

Shiromi Monday, 01 April 2024 11:41 AM

දැන් ඉන්න දේශපාලනය කරන උදවිය රට ගැන හිතලා වැඩ කරන අයට වඩා තමන්ගෙ වාසියට කටයුතු කරන අය

:       0       4

Prabha Monday, 01 April 2024 01:33 PM

අපේ සමහරු ඉන්දියාව අපේ ලොකු අයියා කිව්වට ඉන්දියාව නම් හිතන් ඉන්නේ අපි ඒ අයගේ වහල්ලු කියලා...

:       0       6

බද්රානි Tuesday, 02 April 2024 02:02 PM

ගහල හරි අල්ල ගන්න මෝඩි මහත්තයෝ...මොකද, ඔය දිවයින් අපේ නමට තිබුනා කියලා මේ රටේ ජනතාවට කිසිම පලක් හෝ ප්‍රති ලාබයක් නැහැ....නුදුරු අනාගතයේදී ඔය දුපත තුල මේ රටේ තක්කඩි දේශපාලකයෙකුගේ හෝටලයක් ඉදිවේවි... වැඩිය ඕනා නැහැ, අපේ පාලකයෝ මෙච්චරකල් මොනවද ඔය දුපතේ සංවර්ධනයට කරලා තියෙන්නේ..?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සාපෙළ අපේක්ෂකයන්ට හැදුනුම්පත් කාර්යාල හෙට විවෘතයි
2024 මැයි මස 03 24 0

අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නු


හිටපු පොලිස් කතක්-අපරාධකරුවෙක්ගේ අනියම් බිරියක් අයිස් සමඟ මාට්ටු
2024 මැයි මස 03 255 0

සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක සහ හිටපු පොලිස් කොස්තාපල්වරියක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්


මා - පිය වලියට දැරිය දිවි පුදයි
2024 මැයි මස 03 753 0

මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුරක් කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ නිවසක පිටුපස ළිඳේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි.


මේ වසරේ දෙවන පාසල් වාරය අදින් අවසන්
2024 මැයි මස 03 444 0

2024 වසරේ පාසල් පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


හදන දුම්රිය මගේ අනාරක්ෂිත ගමනින් සිසුවෙක් මරුට
2024 මැයි මස 03 763 0

ගල්ගමුව ඉන්ධන පිරවුම්හලම පිටුපස ප්‍රතිසංස්කරණය කරන දුම්රිය මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් එහි ඇළක් තුළට වැටීමෙන් පාසල් සිසුවෙකු මිය ගොස් තවත් දෙදෙන


පළාත් තුනකට අදත් වැස්ස
2024 මැයි මස 03 63 0

බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 460 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1883 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1678 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site