IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මීනීකූපරයක් ත්‍රිරෝදයක් කළාට ඉඩම් කොමසාරිස්ට නඩු

(මනෝප්‍රිය ගුණසේකර)

රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වූ ‘මීනී කූපර්” වර්ගයේ මෝටර් රථයක් ත්‍රීරෝද රථයක අංකයක් යොදා ලියාපදිංචි කර රජයට පාඩු කළැයි චෝදනා කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට සහ මෝටර් රථ ප්‍ර්‍වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවැරීය.

රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වූ වාහන පිළිබඳව රථ වාහන ලියාපදිංචි කිරීමේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කර වෙනත් වාහන අංක යටතේ ලියාපදිංචි කිරීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 26 කට අධික පාඩුවක් කළ බවටද අල්ලස් කොමිසම විත්තිකරුවන්ට චෝදනා කර ඇත.

ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී මෙම වරද කර ඇතැයි අල්ලස් කොමිසම පැවරූ නඩුවේ සඳහන් කර ඇත.

ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නෝ මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වැඩසටහන් සම්පාදකවරයකු වශයෙන් රාජකාර කළ රෝහිත සමරවීර, උපුල් ප්‍රියන්ත ද සිල්වා, කේමන්ත මුත්තුංග (විදේශ ගතවී), චන්න රෝහිත, ධර්මරත්න බණ්ඩා සහ ‘මීනී කූපර්” වර්ගයේ මෝටර් රථයේ හිමිකරු බව කියන අජිත් කුමාර වලිසුන්දර නමැත්තෝය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකින් අනතුරුව අල්ලස් කොමිසම විත්තිකරුවන්ට මෙලෙස නඩු පැවරීය.



අදහස් (7)

මීනීකූපරයක් ත්‍රිරෝදයක් කළාට ඉඩම් කොමසාරිස්ට නඩු

තෙල්වත්තගේ Monday, 01 April 2024 04:55 AM

ඕවා ඉතින් අද ඊයේ වෙච්චි දේවල් නොවෙයි. ලංකාවට ෆැජරෝ ආවාට පස්සේ චන්ද්‍රසේන කියලා මැණික් කාරයෙක් ෆැජරෝ එකක් ලොරියක් හැටියට ලියාපදිංචි කර තිබුණා.. ඒක 40 හෝ 41 ශ්‍රී කාණ්ඩය යටතේ තුන්සිය ගණන් අංක යටතේ වගේ ලියාපදිංචි කර තිබුණා කියලා මතකයි... එහෙම කලේ ඒ කාලේ ෆැජරෝ ජීප් එකේ වාර්ෂික බලපත්‍ර ගාස්තුව රුපියල් 6000/= නිසා... ලොරි අංක ගාස්තුව රුපියල් 500/= ඉතාමත් අඩුයි එහෙනම් කොපමණ මුදලක් රජයට පාඩු වෙන්න ඇද්ද?

:       0       6

Perera Monday, 01 April 2024 05:37 AM

උඩ ඉඳන් පහළට දූෂණය අඩුවෙලා තියෙන්නේ...!

:       0       3

sam Monday, 01 April 2024 07:47 AM

ඉඩම් කොමසාරිස් ජෙනරාල්ලා කියන්නේ පට්ට හොරෙක්නේ .මූ ඉඩමුත් ඔය විදිහට දීලා ඇතිනේ .මූ ඒ තනතුරට සුදුසු නැති හොරෙක්.මූව වහාම තනතුරෙන් අයින් කරන්න .හොරා

:       0       69

Saman Monday, 01 April 2024 07:57 AM

යකෝ නඩු දාන්න ඕනේ ඕකුන් හිරේ දාලා නැත්නම් ඔකුන් නඩු යට ගගහ ඉන්නවා නේ කෙලින්ම පගාව අරන් නේ අල්ලස් එකත් හාල්මැස්සන් යවනවා එත් තෝරැ මෝරැ එලියේ

:       0       41

Shantha Monday, 01 April 2024 08:24 AM

කුරුණෑගල ,නාරම්මල පැත්තෙ හැමෝම දන්නවා ඔය සිද්දිය..ඕකට සම්බන්ධ ව්‍යාපාරිකය දැනටත් ප්‍රදේශයේ පොලිසි වලට යහමින් පගාව දීගෙන ඉන්නෙ.ව්‍යාපාරය තියෙන්නෙ මීගමුව කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ නාරම්මල සහ දඹදෙණිය අතර මැද තියෙන මැටියගනේ කියන ප්‍රදේශයේ ." රන්දි මෝටර්ස්" කියන නමින්.හැබැයි ඔය වැඩේ වෙලා දැන් ගොඩක් කල්.රන්දි මහත්තයා නම් තාම කිසි අවුලක් නැතුව පොලිසියේ අය එක්ක කාල බීල සුදු ඇදන් පන්සල් ගිහින් ආතල් එකේ ඉන්නවා.නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා නම් ඔය මිනිහා දැනටමත් ඉන්න ඕනෙ හිර ගෙයක..අනිත් උනුත් පගාවට යට වෙලා ඕක වහනවා.

:       0       76

SameeraMonday, 01 April 2024 03:40 PM

ඇත්ත කතාව.ධර්මරත්න බණ්ඩා තමයි ඕකගෙ නම.ගෙවල් ගිරිඋල්ල කිට්ටුව.ඔය වැඩේ වෙලා නම් ගොඩක් කල් හැබැයි.ආපහු උඩ ඇවිත් වගේ.පොලිසියේ ලොකුම තැන්වලට පගාව දීල වැඩේ කරගෙන යන්නෙ. ෂුවර් එකට ගාන මදි වෙලා වෙන්න ඇති ලෙඩේ අදින්නෙ.

:       0       0

Kumar Tuesday, 02 April 2024 04:46 AM

ලංකාවේ රජයේ සේවකයෙක් රජයට මෙවැනි වංචාවක් කළ අවස්ථාවකදී සේවයෙන් පහකරන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site