
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය බාර ගන්නැයි එම පක්ෂයේ විධායක සභිකයෝ සහ ආසන සංවිධායකයෝ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් එක හඬින් ඉල්ලීමක් කළහ.
මේ සම්බන්ධයෙන් අප විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බවය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණ.
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම රැස්වීමේ ආරාධිත දේශකයකු ලෙස සහභාගිවිය.ආසන සංවිධායකවරුන් විධායක සභිකයන් ඔහුගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ එම රැස්වීමේදීය.
බණ්ඩාරනායක ප්‍රතිපත්තිය, පක්ෂයේ ආරම්භය සහ විකාශනය, පංච මහා බලවේගය ඇතුළු කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් තමා එහිදී දේශනයක් පැවැත්වූ බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමගි පැමිණෙන අයුරු දැකගත හැකිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාරනායක ප්‍රතිපත්ති අනුගමනය කරලා ජාති ආගම් කුල භේද ඇතිකර අවුරුදු තිහක යුද්ධයෙන් රට මුළුමනින්ම විනාශ වුණා... සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරලා ගම්බද දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය නැතුව ගියා... ඉතින් ඒ ප්‍රතිපත්ති අනුමත කර නැවතත් රට අගාධයකට දාන්න නම් ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂය බලය දීම හොඳයි... කොහොමත් දකුණේ රාජපක්ෂලා එකිනෙකාට වෙනස් වෙන්න බැහැ...
ඇයි පොදු අපේක්ෂකයා වෙලා 2015 ජනාධිපතිවුනු මෛත්‍රීට නැවත ඉල්ලන්න බැරි. රනිල් UNPයට කලා වගේ මෛත්‍රී මේ සැරේ SLFP එක තනි ජාතික ලැයිස්තුවට බස්සනවා. ඒ ඡන්ද ටිකවත් එකතු කර ගන්න තමයි විජේදාසව බිල්ලට දෙන්න හදන්නේ.
විජේදාස රාජපක්ෂ කියන්නේ දේශපාලන කුනකටුවෙක් , තක්කඩියෙක් . පාදඩ රාජපක්ෂලා යහපාලන ආණ්ඩුව කාලේ බේරගත්ත අමනයෙක්
වා මස්සිනා වා වා දෙන්නනම් තට !!!!!
අම්මපා මගේ කට සෑහෙන්න සත් භාවයෙන් රට සෑදීම
නිස්සංක සේනාපති හිරේ නොයවා බේරා ගත්තා.ගෝඨාභය හිරේ නොයවා බේරා ගත්තා .දැන් රට බේරාගන්නවා .මොකෝ කියන්නේ ?
බොහොම හොඳ තීරණය ක්. ජනතාව දැනටමත් චන්දෙ දෙන්නේ කාටද කියලා තීරණය කරලා ඉවරයි නමුත් කවදාවත් වෙනස් කරන්න බැරි සීමිත පිරිසක් ඉන්නවා පොදු ජන මතයට කැමති නැති ඒක නිසා ඒ වගේ අයට පුළුවන් ඔය එක එක අපේක්ෂක ය න් ට චන්දෙ දෙන්න
මෙයා බොහොම කාලෙක ඉඳන් තමයි ඕකට හොරගල් අහුලමින් හිටියේ .
සිරිසේන තවත් ගේමක් ගහන්න වගේ යන්නේ ! තමන්ට ඔරොත්තු නොදෙන බලයක් තනතුරක් ලැබුනම මිනිස්සු පිස්සු නටනවා.ඒකට හොදම උදාහරණය සිරිසේන.
1950 දසකයේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය, පක්ෂයේ ආරම්භය සහ විකාශනය, පංච මහා බලවේගය වර්තමානට යුගයට නොගැලපෙන බවක් නොතෙරිමම කනගාටුවකි.
ඩීල් දාස ජනපති ?රටට අබසරණයි
ඩීල් දාස , අපේ නව ජනපතිට ජය.
'ශ්‍රී ලංකා' කියන නම 'ඩීල් ලංකා' කියල වෙනස් කරන්න වෙයි
එච්චරයි අඩුව තිබුනේ.
පිස්සු නැත්නම් ශෝක්. මම මේ අපි ගැන හිතලා කිව්වේ ආයිබෝං. බණ්ඩා
මෙයා ගිය උඩ...!
මං හිතන්නෙ මේ පාර ජනාධිපතිවරුන්ගේ ඡන්දයෙන් පුරවැසියෙක් තෝරගන්න වෙන පාටයි...
මෙයාට එක තැන ඉන්න බැහැ. ඇමතිකම් කියන මස් කට්ටක් දුන්න නම්, මෙයාවත් සුසිල් ප්‍රේම් ජයනතවත් ඕන පැත්තකට හරවන්නත් පුළුවන්. තවද එම ඇමති මස් කට්ටක් දීල, ඔවුන්ගේ කට වහන්නත් පුළුවන් සහ අරින්නත් පුළුවන්. මෙයාට ලැජ්ජාව ගෑවිලාවත් නැහැ.
ඒ කාලෙත් හොරුන්ව ආරක්ෂා කළා,ජනාධිපති උනොත් ඒකමයි කරන්නේ ,ජරාපක්ෂලා විශ්වාස කරපු හරිය මදැයි ,තවත් නම් රාජපක්ෂලා ඕනෑම නැහැ ,බානුක රාජපක්ෂ විතරක් හිටියම ඇති
ඉස්සර නම් අපිත් රැවටුනේ හරි හොඳ අවංක ප්‍රතිපත්ති ගරුක කෙනෙක් කියලා. නියම මිනිහා තමයි ජනාධිපතිම කර ගන්න. හහ් හහ් හා.
හැමදේටම බණින, ගෑනුන් උඩ දාගෙන නටන, ගෑණුන්ගේ කකුල් ලෙවකන, කිසිම සොයාබැලීමක් නොකර ඔහේ කියවන, මොලේ කොලොප්පන්, බාගෙට පිස්සු, බුද්ධිය නැති, රාගයෙන් ද්වේශයෙන් මෝඩකමින් පිරුණු, කලියුගයේ මිනිස්සු අපිවෙමු!
මෙයා කියපු කරපු දේවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දන්නෝ හොඳාකාරවම දනිති.
මුහුදු කොල්ලකරුවන් වන අපගේ සුභාසිංසණ.. මුහුදේ සුළඟට යකඩ ඇතිල්ලිලා තුවක්කුවල නම්බර් නැති වුනේ අපේ...!
කොයිපැත්තෙන් හිනාවෙන්නද කියලා තේරෙන්නේ නෑ... අයියෝ...!