IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අල්ලස් චෝදනාවෙන් චීන ජාතිකයා නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රයකට අවශ්‍ය නිර්දේශය ගැනීමට රුපියල් 20,000ක අල්ලසක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාශ කළමණාකාරවරයකුට දුන් බවට චෝදනා ලැබ සිටි චීන ජාතිකයකු විත්ති වාචක නෙකැඳවාම නිදොස් කර නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා නියම කළේය.


මෙම නඩුවේ පැමිණීල්ල විසින් කැඳවන ලද සාක්කිකරුවන් දෙදෙනාගේ ස්ථාවරය අනුව පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව ප්‍රභල හා කාවදින සාක්කි ඉදිරිපත් කර ඇද්ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අධිකරණයට ස්ථාවරයකට එළැමීට නොහැකි බව විත්තිකරු නිදොස් කර නිදහස් කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.


විත්තිකරුවකුට එරෙහි චෝදනාවන් සම්බන්ධයෙන් ඔහුගෙන් විත්ති වාචක කැඳවිය යුතුදැයි තීරණය කිරීම සඳහා පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව ප්‍රභල හා කාවදින සාක්කි ඉදිරිපත් කළ යුතු වුවත් මෙම විත්තිකරුට එරෙහිව ප්‍රභල හා කාවදින සාක්කි ඉදිරිපත් ඉදිරිපත් කර ඇද්ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අධිකරණයට ස්ථාවරයකට එළැමීට නොහැකි බව සඳහන් කරමින් විත්ති වාචකක නොකැඳවාම නිදොස්කර නිදහස් කරන ලදදේ චොන් දොන් ෂිං නමැත්තෙකි.

2018 ජුලි 30 වැනිදා අඟූණකොළපැලැස්සේදී පුපුරණ ද්‍රව්‍ය බලපත්‍රයට අවශ්‍ය නිර්දේශය ගැනීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාශ කළමණාකාරවරයකු වු උපුල් චන්දන කුමාර නමැත්තාට රුපියල් 20,000ක අල්ලසක් දුන් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිනී.



අදහස් (1)

අල්ලස් චෝදනාවෙන් චීන ජාතිකයා නිදහස්

ලුම්බිණි Sunday, 31 March 2024 07:55 PM

මේකෙන් අදහස් වෙන්නෙ නැහැ චීනා අල්ලස් දුන්නේ නැහැ කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site