(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මියන්මාර් රැකියාවලට ගොස් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ලාංකිකයන් පනස් ගණනක් සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර කුමක්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.
එම ශ්‍රී ලාංකිකයන් මාස හතරකට වඩා වැඩි කාලයක් තිස්සේ විවිධ වදහිංසාවලට ලක් වෙමින් සිටින බව කී කිරිඇල්ල මහතා මේ සම්බන්ධයෙන් රජය වහාම මැදිහත් වී කටයුතු කළ යුතුව ඇතැයි කීය.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසූයේ මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස සිටින්නේ මියන්මාරයේ ත්‍රස්තවාදී පාලනයට නතුවූ ප්‍රදේශ වල බවයි.
රජයට මැදිහත්විය හැක්කේ මියර්මාර් රාජ්‍ය සමඟ සාකච්ඡා කිරීමට පමණක් බව කී තාරක බාලසූරිය මහතා තායිලන්ත අගමැතිවරයා ලංකාවට පැමිණි විටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එලෙස රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙක් මේ වන විට නිදහස් කර තිබෙන බව සඳහන් කළේය.
එම ලාංකිකයන් මුදල් ගෙවා නිදහස් කර ගත යුතු නම් එසේ කරන්නට රජයට අවස්ථාවක් නැතැයි ද විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මියන්මාරයේ රඳවා ඇති ලාංකිකයන්ට කුඩම්මාගේ සැලකිලි ඇයි