
(ගයාන් සූරියආරච්චි)
කැකිරාව ප්‍රදේශයේ නිවෙසක් බිද රුපියල් 50,000 ක් සහ රුපියල් හතළිස් එක් ලක්ෂ හැට දහසක් වටිනා රන් අබරණ සොරාගැනීමේ සිද්ධියකට අදාල සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහාය පතයි.
අපරාධය සිදුවූ දින සැකකරු හිස්වැසුමක් පැළැද, ක්‍රීම් පැහැති දිග කලිසමක් සහ කොළ පැහැති ටී ෂර්ටයක් හැදි සිට තිබේ. මෙම ඡායාරෑපයේ සිටින පුද්ගලයා පිළිබදව දන්නේ නම් කැකිරාව ස්ථානාධිපති 071 8591208 හෝ කැකිරාව අපරාධ විමර්ශන අංශය 071 8593343 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා පැහැදිලි පින්තුර තියන අය ඉන්නවා කෝටි ගණන් හොරකම් කරපු. එයාල ටීවී එකෙත් පෙන්නනවා. අත්අඩංගුවට ගන් නෑ නේ.
ගෙවල්වලට ඇතුළු වෙලා වැඩි වටිනාකමක් ඇති වත්කම්, ජීවිත පවා උදුරාගත් හොරු ඉන්නවා.. ඒත් මොන පොලිසියද පින්තූර දාලා තියෙන්නේ... ඇයි මේකට විතරක් ?