
(සුමිත් පොතුපිටිය)
රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු හතරක් සමඟ විශ්‍රාමික යුද හමුදා බලලත් නිලධාරිවරයකු අද (01) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, දර්ගා නගරය තල්ගස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 50 පුද්ගලයකු බව පොලිසිය කීය .
යුද හමුදාවේ හිටපු බලලත් නිලධාරීවරයෙකු ගජමුතු තොගයක් රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සූදානම් කර ඇති බවට ගුවන් හමුදා බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත උප පොලිස් පරීක්ෂක කසුන් පතිරණ මහතා ඇතුළු පොලිස් කණ්ඩායම බේරුවල මරදාන ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ගජමුතු හතර පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර, සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්ම කුමාර මහතාගේ මෙහෙයවීමෙන් දූෂණ මර්දන අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර මිනිස්සු ගාව අව්රුදු සිය ගාණක් පැරණි ගජමුතු තිබෙනවා ඒවා රජයට දෙන්න කියලාද කියන්නේ? ඊළඟට ඒවා රජයට අරගෙන කේරල ගංජා, කොකේන් වගේ ආපසු මිනිස්සුට විකුණාගෙන කන්නද හදන්නේ? ඔය නීති හැදෙන්න කලින් මිනිස්සු ගාව මුවහම්, ගජ මුතු තිබුනේ.
ඉස්සෙල්ල ගජමුතු කියලා ඔප්පු කරන්න ඕනේ. ඔය අල්ලන ගජමුතු වලට මොකද වෙන්නේ? අල්ලන්න ගංජා වලට වෙනදේම වෙනවා ඇති.