(විමුක්ති එස් රුද්‍රිගු)
රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණු තෑගි විකිණීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට ලබා දී තිබූ වසර 14 ක සිර දඬුවම ඉස්ලාමාබාද් මහාධිකරණය අද (01) අත් හිටවීය.
ටොක්ශානා සිද්ධිය සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවට ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචනයක් විභාගයට ගත් අවස්ථාවේදී ඉස්ලාමාබාද් මහාධිකරණය ඉම්රාන් ඛාන්ට ලබා දී තිබූ සිර දඬුවම අත් හිටුවීමට නියෝග කළේය.
සිර දඬුවම අත් හිටුවූවත් ඉම්රාන් ඛාන් තවත් නඩුවලට වරදකරු වී ඇති බැවින් ඔහු බන්ධනාගාරයෙන් නිදහස් නොවනු ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.
ටොක්ශානා සිද්ධිය යනු ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා ලෙස ධුර දරමින් සිටියදී රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණු ත්‍යාග ටොක්ශානා භාණ්ඩාගාරයේ තැන්පත් නොකර ඔහු තබා ගත් බවට එල්ල වී ඇති චෝදනාවයි.පාකිස්තාන නීතියට අනුව විදේශ රාජ්‍ය නායකයන්ගෙන් පාකිස්තාන නායකයන්ට ලැබෙන ත්‍යාග ටොක්ශානා නම් භාණ්ඩාගාරයෙ හි තැන්පත් කළ යුතු අතර එසේ නොකරන්නේ නම් එහි වටිනාකම ටොක්ශානා වෙත ගෙවිය යුතු වේ.
ටොක්ශානා සිද්ධියට වරදකරු වූ අවස්ථාවේදී ඉම්රාන් ඛාන්ට පාකිස්තාන රුපියල් මිලියන 787 ක දඩයක් අධිකරණය නියම කළේය.එසේම වසර 10 ක් යනතුරු මැතිවරණ තහනමක්ද ඔහුට පැනවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තාන් රට කවදාවත් ගොඩ එන්නෑ... පව් වැඩේ... ලෝක පූජිත ලෝකයක් ආදරේ කරන අවංක මිනිසා හිරේ... හෙන හත ගහන්න ඕනේ...