(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහ බැංකුවේ බලතල වැඩි කෙරෙන ශ්‍රී ලංකා මහා බැංකු සංශෝධන පනත් කෙටුම්පතට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.
මේ හේතුවෙන් එම රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණැයිද දැනගන්නට ඇත.
මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පත මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (2) පෙරවරුවේ ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අදහස් දක්වා ඇති බොහෝ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර ඇත්තේ මෙවැනි පනතක් හදිසියේ ගෙන ඒමට ඇති අවශ්‍යතාව කුමක්ද යන්නයි.
දැනට ඇති බලතල යටතේ නිලධාරීන්ගේ වැටුප් අසීමිත ලෙස වැඩි කරගෙන අන්තනෝමතිකව කටයුතු කරන අවස්ථාවක ශ්‍රී ලංකා මහා බැංකුවට තවත් බලතල දීමෙන් ගැටලුකාරී තත්වයක් මතුවිය හැකි බවද ඔවුන් ප්‍රකාශ කර ඇත.
මේ තත්වය යටතේ මෙම සංශෝධන ගැන තවදුරටත් සාකච්ඡා කළ යුතු බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් බොරුවට කෑ ගහලා චන්දෙ දෙන වෙලාවට ඇත උස්සනවා .කොන්ද පන නැති කාලකන්නි හැත්ත
රනිල් රාජපක්ෂට උවමනා තමන්ව කවදාවත් ජනාධිපති නොකෙරුව සහ නොකරන මිනිස්සුන්ගෙන් පලිගන්නා රට විනාශ මුඛයට ඇදලා දාන්න, තමන්ගේ ස්වාමිවරුන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා බටහිර ආණ්ඩුවල උවමනාවන් ඉටු කරන්න. ඒක නොතේරෙන එවුන් තවම ඔය ගුබ්බෑයමේ ඉන්නවා.
ඔය ඔක්කොම හොර පනත් තව මාස කිහිපයකින් කුණු ගොඩට දානවා. ඕවා ගෙනාපු, ඕවට අත් උස්සන නරි බල්ලන්ට ඒවා පාරාවළල්ලක් වෙලා ඇවිත් උන්ව කෙලින්ම හිර කඳවුරකට අරගෙන යනවා.