(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග අත්හිටුවීමට ඉල්ලා සිටිමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සමක් නිසා තමා ඇතුළු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම වරප්‍රසාද කඩවී ඇතැයි පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතා පාර්ලිමේන්තුවට අද (1) වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
මෙම පෙත්සම මගින් උත්සාහ කරන්නේ පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය අධිකරණය හරහා සොරකම් කිරීමටදැයි බරපතල සැකයක් පැන නගින බවද මන්ත්‍රීවරයා කීය.
ආණ්ඩුක්‍රම ඉවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව හා 17 වැනි වැනි ව්‍යවස්ථාවට අදාළ යැයි කියමින් sc fr Application No:SC/FRA/131/23 යටතේ මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවද ලලිත් වර්ණ කුමාර මහතා සඳහන් කළේය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා රුපියල් බිලියන 2024ක්ද ,ශ්‍රී ලංකා රේගුව හරහා රුපියල් බිලියන 1533ක්ද,සුරා බදු දෙපාර්තමේන්තුව මගින් රුපියල් බිලියන 232ක්ද 2024 වසරේ රජයේ ඉලක්කගත ආදායම් බව කී වර්ණ කුමාර මහතා මෙම ඉලක්කගත ආදායම් එකතු කිරීම හා ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පාර්ලිමේන්තුවේ මුදල් ක්‍රම සහ විධි කාරක සභා මඟින් ද ආර්ථිකය සම්බන්ධ අනෙකුත් අධීක්ෂණ කාරක සභා මඟින් ද සිදු කරනු ලබන බව සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා හා සමාලෝචනයන් හරහාද රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා ආර්ථික ක්‍රියාමාර්ග ගත යුතු බවට නිර්දේශ කර ඇතැයි මන්ත්‍රීවරයා කීය.
රජයේ බදු ප්‍රතිපත්තිය මත ඍජු බදු වැඩි කර ගැනීම සඳහා සුරා බදු හා අලුතින් ලබාගන්නා බලපත්‍ර සඳහා වන ගාස්තු ඉහළ දමා ඇතැයි කී මන්ත්‍රීවරයා අදාළ පෙත්සම ඉදිරිපත් කළ පෙත්සම්කරුවන්ගෙන් දෙදෙනකු දැනටමත් සුරාසැල් පවත්වාගෙන යන අය බව පැවසීය.ඔවුන්ගේ අවශ්‍යතාවය නව යෝජනා ක්‍රම හරහා ඉහළ යන බදු නවතා ගැනීම මගින් රාජ්‍ය ආදායම අඩු කිරීමට කරනු ලබන කුමන්ත්‍රණයක් ද යන්න බරපතළ සැකයක් ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මෙම පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින්නන් පසුගිය කාලයේදී ද පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය අධිකරණය හරහා සොරකම් කිරීමට උත්සාහ ගන්නා ලදැයි වර්ණ කුමාර මහතා තම වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේය.
පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා මෙහිදී අදහස් දක්වමින් මූල්‍ය බලය ඇති ව්‍යවස්ථාදායකය ගන්නා ක්‍රියාමාර්ග අධිකරණයට ගොස් අභියෝගයට ලක් කළ හැකිදැයි ප්‍රශ්න කළේය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූයේ අදාල වරප්‍රසාද ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට යොමු කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මංත්‍රී කියනදේ සහතික ඇත්ත. රජය රටේ සංවර්ධනය සදහා මුදල් ඉපැයීම කරන්න ඕන .ඒකට විරුද්ධව කටයුතු කරන්න කිසිවෙකුට අයිතියක් තියෙන්න බැහැ .මෙහෙම එවුන් කීප දෙනෙක් හිටියනම් රට හදන්න ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ. පෙත්සම් කරුවන්ගේ ඉල්ලීම 225 නොවෙයි පෙත්සම් කරුවන් හැර අනෙක් සියලු ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් කියන්න පුළුවන්
මේ මහත්වරු හිතාගෙන ඉන්නේ තමන්ට මහජන මුදල් හිතුමතේට අවභාවිතා කරන්න නැති නාස්ති කරන්න වගේම කැමැති තරමට හොරකම් කරන්නත් වරමක් දීලා තියෙනවා කියලා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන කිසිම අවබෝධයක් හෝ දැනුමක් නැති මේ අය කල්පනා කරන්නේ තමන්ට ඉහළින් කපුටෙක්ටවත් පියාඹන්න බැරි තරමට තමන් බලවත් කියලා. නීතිය, යුක්තිය හරියට ක්‍රියාත්මක වෙනවාද කියලා හොයලා බලන එක අධිකරණයේ වගකීමක් කියලා හෝ තමන්ට නීතිය හරියට ක්‍රියාත්මක නොවෙනවා නම් ඒ සඳහා අධිකරණයේ පිහිට පැතීම ජනතාවගේ අයිතිවාසිකමක් කියලා රැල්ලට පාර්ලිමේන්තුවට රිංගූ සමහරක් නොදනී...