(ගයාන් සූරියආරච්චි)
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීමේ වැඩසටහනට සමගාමීව උප පොලිස් පරීක්ෂකවරුන් 100ක් ඇතුළු නිලධාරීන් 500ක් පොලිස් සේවයට බදවාගැනීමට ගැසට් පත්‍ර නිකුත් කර තිබේ.
ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරුන් 100 ක්, කොස්තාපල්වරුන් 370 ක් සහ කොස්තාපල් රියැදුරන් 30ක් බදවා ගැනීමට නියමිතය.
සම්මුඛ පරීක්ෂණවලින් තෝරාගන්නා අපේක්ෂකයන් නොවැම්බර් මාසයේ සිට පුහුණු කිරීම් සදහා යොමු කෙරන අතර උප පොලිස් පරීක්ෂකවරයකු වසර පුහුණු කාලයකට යටත් වන අතර කොස්තාපල්වරුන් මාස 8ක පමණ කාලයක් පුහුණු කෙරේ.
පුහුණු හා උසස් පුහුණු කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි බදවාගැනීම් බාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථානාධිපති ප්‍රසන්න වැලිකල ඇතුළු නිලධාරීහු බදවාගැනීම් සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම පොලිස් සේවයට බැඳෙන්න කැමැතියි...
ගනේවැව, දිවුල්ලෑගොඩ, නිකවැරටිය
මම පොඩි දවස්වල ඉඳන් දැකපු හීනයක්, පොලිස් නිලධාරියෙක්වෙලා රටට සමාජයට සේවයක් කරන්න අවස්ථාවක් ලැබුණොත් හදවතින්ම, කැපවීමෙන් සේවය කරනවා.
ආත්ම ගෞරවයක් තියන කෙනෙක් ඔය පජාත පොලිසියට බැඳෙන්නේ නැහැ
උසස්පෙළ සමත් කොස්තාපල්වරු කොච්චර පොලිසියේ ඉන්නවාද? අලුතින් si බඳවා ගැනීම් කොච්චර අසාධාරණයක්ද?
කුඩම්මාගේ සැලැකිලි තියෙන ආයතනයක්
මට O/L 9/2 ක් තියෙන්නේ A/L රිසාල්ට් ආවේ නෑ. කොස්තාපල් දැම්ම ඒවිද දන්නේ නෑනේ. සිංහල - C තියෙන්නේ..!
මට පොලිසියට බැඳෙන්න අවශ්‍යයි...
මමත් කැමතියි.
කැමති
මම කැමැතියි...!
මමත් ගොඩක් කැමතියි ශ්‍රී ලංකා පොලිස් කොස්තාපල්වරියක් වෙන්න චූටි කාලෙ ඉඳලම ආසාවක්