
(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ප්‍රතිව්‍යුහගතකරණය යටතේ පැවරීමට වඩාත් හොඳම මෙන්ම සුදුසුම ආයතනය ලාෆ් ගෑස් සමාගම බවත් එම සමාගම පැවරීම පිළිබඳව කටයුත්තේදී නීතිමය පියවර ගැනීමට වුවද එම සමාගම පසුබට නොවන බවත් ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා අද (1) පැවැසීය.
ලිට්‍රෝ සමාගම ලාෆ් වෙතගැනීම සම්බන්ධ කටයුතු එම සමාගමේ අදාල අංශවලින් ක්‍රියාත්මක කරමින් තිබෙන බවත් ඒ පිළිබඳව නීතිමය පියවර ගන්නවාද නැද්ද පිළිබඳව ජ්‍යෙෂ්ඨ කළමනාකරණ කමිටුවක් කටයුතු කරන බවත් ඒ මහතා කීය.
ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා කොළඹ පිහිටි ලාෆ් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එසේ පැවසීය.
ලිට්‍රෝ සමාගම වෙනුවෙන් ආයතන 14 ක් අභිලාශ ඉදිරිපත් කර ඇති බවත් එසේම මෙහිදී ශ්‍රී ලාංකික ආයතනයක් හැටියට ‘ලාෆ්’ සමාගමට ද සමාන අයිතිය ලැබිය යුතු බවත් ඒ මහතා පැවැසීය.
ඒ සඳහා විවෘත ටෙන්ඩරයක් කැඳවා තිබූ අතර එම අභිලාශ ඉදිරිපත් කළ සමාගම අතර තවත් ශ්‍රී ලාංකික සමාගම් දෙකක් තිබුණ ද ඒ අතරින් ගෑස් සැපයුම පිළිබඳ පළපුරුද්ද ඇති එම සමාගම ලාෆ් සමගාම බව කී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා ලිට්‍රෝ සමාගම ලාෆ් සමාගමට නොදෙන්න හේතුවක් නොදකින බව ද සඳහන් කළේය.
ලිට්‍රෝ සමාගම ශ්‍රී ලාංකීය ආයතනයක් මෙන්ම එහි ශ්‍රී ලාංකිකයන් 3,400 ක් පමණ සේවය කරනවා පමණක් නොව සමාගම සතුව නැව්, ගෑස් මෙටි්‍රක්ටොන් 30,000 ගබඩා කළ හැකි ගබඩාවක් හම්බන්තොට ඇති බවත් එම සමාගමේ ඩුබායිවල පිහිටි සම්බන්ධීකරණ කාර්යාලය යටතේ ගෑස් සැපයුම කළ හැකි බවත් සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩි දුරටත් කීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ව හූරා ගෙන කන තවත් එකක් .දැනටත් ලාෆ් හිනාවෙවී අසාධාරණ ලෙස මිනිස්සු පීඩනයට ලක්කරනවා.
නඩු කියන්න කලින් ලිට්‍රෝ ගෑස් මිලට අඩුවෙන් ගෑස් දිලා පෙන්නුවා නම් තමයි හොඳ...!
ලාෆ් ගෑස් නැතුව කොච්චර කාලයක් මිනිස්සු දුක් වින්දාද ? ලාෆ් ගැස් ලිට්‍රෝ වලට වඩා ගණන් නේද?
ලාෆ්ස් ඒකාධිකාරයක් පිහිටුවීමේ මුල් පියවර තමයි.. තමුන්ට ඉන්න තරඟකරුවන් නැතිකර දැමීම...
අම්මෝ ඕනෑ නැහැ... ලාෆ්ලාට දෙන්න ඕන් නැහැ. කොරෝනා කාලේ වැඩි කරපු ගණන්වලින් ලිට්‍රෝ සමාගම මිළ ගණන් පහත හෙළීම් සිදුකළද ලාෆ් සමාගම මේ දක්වා ඒවා අඩු කළේද නැත. තවමත් ලිට්‍රෝ ගෑස් මිල තරමක් හෝ අඩුවට ගැනීමට ඇත. ඒත් ලාෆ් ගෑස් මිලෙහි අඩුවක් නැත. ඔවුන් අඩු කරන්නේද නැත. ඒක නිසා ලිට්‍රෝ සමාගම වෙනත් සමාගමට දුන්නාට අවුලක් නැහැ මොවුන්ට නම් දෙන්න හොඳ නැහැ...
එහෙම කරොත් ඒකාධිකාරයක් හැදෙනවා. ඒ සමාගමට කැමැති ඕනෑම මිලකට ගෑස් විකුණන්න පුළුවන්. පාලන මිලක් දැම්මාම ගෑස් හංගනවා. අනික් රටවල නියාමන අධිකාරවලින් මා නීතිය මගින් වෙළෙඳ ඒකාධිකාරයන් සැදීම වළක්වනවා. අපේ රටේ නීතිය ඒ මට්ටමට දියුණු වෙලා නෑ. ලංකාවේ කරන්නේ ඒකාධිකාරයන් හැදෙන්න දීලා මිල පාලනය කරන්න යන එක. ඒක කරන්න බෑ. දැන් කීරි සම්බා නෑනේ.
එක් අතකින් වරදක් නැතත් එහෙම වුනොත් ගෑස් ඒකාධිකාරයක් ඇතිවෙනවා ඒක වලක්වන්න බැරිවේවි කොහොම වුනත් ගෑස් වර්ග දෙකම ඊයේ සිට එකම මිලට දෙන්න කටයුතු කර තිබුනත් එතෙක් කාලයක් ලාෆ් ගෑස් වැඩි මිලක් අයකලා කියලා හිතෙනවා එහෙම තිබුනා නම් මොකද වෙන්නෙ ?
ඒකාධිකාරයක් පැවතීම වැරදියි. තරඟකාරීත්වය හොඳයි. දැනටත් ලාෆ්ස් ගෑස් මිල වැඩියි නෙ. දේශීය වෙනත් සමාගමක් වුනත් කමක් නෑ. මේක විදේශීයව ආනයනය කරන එකක් නිසා කොහොමත් මුදල් පිට රටට යනවා කියලා කෑ ගහල වැඩක් නෑ.
ලංකාවේ කිසිම වෙළඳ අධිකාරයක් ඇති කිරීම නුවනට හුරු නොවේ.මෙය තේරුම් ගත යුතුය .එක් අයෙකු මත ගෑස් අධිකාරියක් ඇති කිරීමෙන් පාරිභෝගිකයන්ට කිසිඳු වාසියක් අත් නොවේ .මෙය ලංවිමටත් ,සිපෙට්කෝ එකටත් පොදුය
දෙකම තියාගෙන ඒකාධිකාරයක් හදාගෙන මිනිස්සුන්ගෙන් හූරන්න උත්සාහයක්...!
එපා එපා දෙන්න එපා. දුන්නොත් අපිට ලාෆ් කාරයාගේ ගෑස් බලන්න වෙනවා. දැනටමත් ලාෆ් කාරයාගේ බඩු ලිට්‍රෝ එකට වඩා සිය ගණනින් වැඩී.
කෝ ජෙප්පෝ මේවා විකුනන්න එපා කියලා පාරට බහින්නේ නැහැ නේද? ජෙප්පෝ කරන්නේත් අමු බොරුව.