IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සැරයන්ගේ යතුරුපැදියෙන් ගොස් මාල කඩලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ සැරයන්වරයෙකුට අයත් යතුරුපදියකින් රන්මාල කොල්ලකෑමේ යෙදුණු තිදෙනකුගෙන් යුත් කණ්ඩායමේ දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට  පොලිසිය කියයි.

සැකකරුවන් සමග  අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම්  3775 , කොල්ලකන රන්මාලය ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා   සොරකම් සහ කොල්ලකෑම් රැසකට වසර 16 ක් සහ 17 ක් සිර දඬුවම් ලැබ මීට දින කීපයකට ඉහතදී නිදහස්ව පැමිණි අය බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මීට දින කීපයකට ඉහතදී පුත්තලම ප්‍රදේශයේ කාන්තාවක් ලබුගම යාලගල ප්‍රදේශයේ ඥාති නිවසක දානමය පින්කමකට පැමිණ ඇති අතර ඇය අවශ්‍යතාවයක් සඳහා අසල වෙළඳ සැලකට පා ගමනින් යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණ තිබූ පුද්ගලයන් තිදෙනා  ඇයගේ ගෙල බැඳී රන්මාලය කොල්ලකා තිබු බව පොලිසිය කියයි.



අදහස් (0)

සැරයන්ගේ යතුරුපැදියෙන් ගොස් මාල කඩලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site