IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එකමුතුව කඩන කුමන්ත්‍රණ වලට හසුවන්න එපා

(අංජුල මහික වීරරත්න)

පාස්කු ප්‍රහාරය වැනි ඛේදවාචකයක් නැවත ඇති වීමට කිසිදු ඉඩ නොතබා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම අඳුරු මතකය කිසිදා  හදවත් වලින්  මැකී නොයන අතරම, ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ස්වාධීනව හා අපක්ෂපාතීව ක්‍රියාත්මක කිරීමට රජය අවකාශ සලසා දී තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීය.

පාස්කු ඉරිදා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

බහුවාර්ගික සමාජයක් ලෙස ජීවත් වීමේදී  රට ඉදිරියේ ඇති අභියෝග ජය ගැනීම වෙනුවෙන් එකමුතුව කටයුතු කිරිම අත්‍යාවශ්‍ය වන බව කී ජනාධිපතිවරයා  ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතුකම සහ සංහිදියාව ප්‍රවර්ධනය කළ යුතු අතර ඊට කැළලක් ඇතිකරන  කුමන්ත්‍රණ වලට හසු නොවී බුද්ධිමත්ව  රටේ ආරක්ෂාව, සාමය සහ සංවර්ධනය වෙනුවෙන් කැපවීම සියලුදෙනාගේ යුතුකමක් බවද සඳහන් කළේය.



අදහස් (9)

එකමුතුව කඩන කුමන්ත්‍රණ වලට හසුවන්න එපා

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 31 March 2024 12:17 PM

ලංකාවේ සියළුම ජාතීන් අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ දේශපාලන වුවමනා මත ජාතීන් අතර වෛරය ඇති කලේ සමහර දේශපාලකයින්... එබැවින් කරුණාකරලා ඔබලාගේ දේශපාලන ව්‍යාපාරය රටේ ආර්ථික හා දේශපාලනික ගැටළුවලට විසඳුම් සොයන ආකාරය පිළිබඳව ඇති යෝජනා හා ප්‍රතිපත්ති. අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව හෝ සංහිඳියාව පිළිබඳව හෝ ගැටළුවක් නැහැ. අපි විශ්වාස කරන ආකාරයට... වර්තමානයේ ශ්‍රී ලාංකික ජනතාවට තිබෙන පොදු ගැටළුව වන්නේ දරා ගැනීමට නොහැකි දැඩි ආර්ථික අර්බුදය හා දූෂිත දේශපාලකයින් විසින් මේ රටට කළ ආර්ථික විනාශයට විසඳුම් සෙවීම සඳහා විශ්වාසනීය පාලන ක්‍රමයක් ඇතිකිරීම වේ...

:       0       16

Rata Perata Sunday, 31 March 2024 01:00 PM

පාස්කු ප්‍රහාරය මොකක්ද?

:       0       9

Hafeel Sunday, 31 March 2024 02:56 PM

රට තුළ දිනපතා සිදුකරන ඝාතනය නවත්තන්න බැරි මෙයා, පාස්කු ප්‍රහාරය වැනි ඛේදවාචකයක් නැවත ඇතිවීමට කිසිඳු ඉඩක් නොතබා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය කැපවී සිටින බව කියන එක විශ්වාස කළ හැකිද?

:       1       9

Perera Sunday, 31 March 2024 03:14 PM

ප්‍රහාරයේ මහමොලකරුවන්ව ආරක්ෂා කරනවාට සාප වෙනවා.

:       1       14

Hafeel Sunday, 31 March 2024 03:39 PM

රටතුළ දිනපතා සිදු කරන ඝාතනය නවත්තන්න බැරි මෙයා, පාස්කු ප්‍රහාරය වැනි ඛේදවාචකයක් නැවත ඇතිවීමට කිසිඳු ඉඩ නොතබා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය කැපවී සිටින බව කියන එක විශ්වාස කළ හැකිද?

:       1       14

ගමේ එකාලා Sunday, 31 March 2024 04:33 PM

පාස්කු ප්‍රහාරය එල්ලවන බව කලින්ම දැනගෙනත් නිකම් හිටියා. මහ මොළකාරයින්ව ආරක්ෂා කරන්නේත් තමුන් මිසක් වෙන කවුරුවත් නොවෙයි.

:       2       13

සරත් කුමාර Sunday, 31 March 2024 07:48 PM

මේ සැරේ මම ඡන්දය කිසිම කෙනෙකුට නොදී කටුගා දමනවා..අපරාදෙ කියල කෙනෙක් කියයි.. මෙච්චරකල් ඒක දීල කොරගත්ත අපරාදෙ තරමේ හැටියට කාටුගා දැමීම මහලොකු අපරාදයක් නෙවෙයි.. මේ දේශපාලුවන් සියල්ල එක මිටට තබා, ප්‍රතික්ශේප කරන බව ජනතාව පෙන්විය යුතුයි. ඡන්ද පත්‍රිකාවේ, "මේ කිසිවෙකු නොවේ" යැයි මතය ප්‍රකාශ කිරීමට ඉඩක් නෑ. ඒ නිසා මිනිස්සු තම විරොධතාවය ප්‍රතික්ශේපිත ඡන්ද ප්‍රමාණයෙන් ප්‍රදර්ශනය කළ යුතුයි.. මේ තක්කඩි දේශපාලන පංතියම වෙන්ස් වියයුතුමයි. දේශපාලනය කරන්නෙ හැමදාම එක සෙට් එකක්.. නීතියත් එහෙමයි. ආගමික අංශයත් එහෙමයි. හැමෝම තමන්ගෙ යැපීම වෙනුවෙන් අපිව අන්දන්ඩ තමයි සූදානම. පාර්ලිමේන්තුවෙ මෙතෙක් කල් හිටපු හැමකෙනාම මේ තත්වයට වග කිව යුතුමයි. අපි නෙවෙයි කියල කාටවත් ගැලවෙන්ඩ බෑ. වැරැද්ද ගැන ගිරිය පුප්පගෙන කෑ ගැහුව කියන එක සාධාරණ හේතුවක් නෙවෙයි. ඕකෙ හිටපු, ඉන්න හැමෝම අවස්ථාවාදීව "ජනතාව" පාවිච්චි කළා. පාවාදුන්නා..

:       0       0

යුසුෆ් Monday, 01 April 2024 11:13 AM

භාශා පනත් ගෙනල්ලා, යාපනේ පුස්තකාලෙ ගිනි තියලා, 83 කලු ජූලිය ගෙනල්ලා, වද කොත්තු, වද බේත් ගෙනල්ලා මේ රටේ අහිංසක සිංහල දෙමල මුස්ලිම් මිනිස්සු කොටවලා මේ රට අමු සොහොනක් කලේ උඹලා තමයි. ඒ කලේ උඹලගෙ පන්තියට හැමදාම බලයේ ඉන්න. අපි ආයෙත් අහුවෙන්නෑ. අන්තිම මාස කීපය සතුටින් හිටපල්ලා

:       1       4

Bamunuarachchi Thursday, 04 April 2024 05:44 PM

කුරානයට ගිනි තියනකන් ක්‍රිස්තියානි මුස්ලිම් ගැටුම් නවතින්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site