
(විමුක්ති එස් රුද්‍රිගු)ෙ
ලොව ප්‍රථම ඩ්‍රෝන යානා සඳහා වෙන්වූ ගුවන් අධිවේගී මාර්ගය එක්සත් රාජධානියේදී ලබන ජූනි සහ ජූලි මස අතරතුරදී විවෘත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එක්සත් රාජධානිය පුරාවට නියමුවන් රහිත ඩ්‍රෝන වලින් අධිවේගී බෙදාහැරීම් කටයුතු සිදු කිරීමට මෙම අධිවේගී මාර්ගය ඉඩ ලබා දෙනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.ඩ්‍රෝන සඳහා මෘදුකාංග සපයන සමාගමක් වූ ඇල්ටිටියුඩ් එන්ජල් නිර්මාණය කර ඇති සැතපුම් 165 ක් පුරා දිවෙන මෙම ගුවන් මාර්ගය කොවෙන්ට්‍රි සහ මිල්ටන් කේන්ස් නගර යා කරනු ලබයි.
මෙම ගුවන් මාර්ගය වැටී ඇති ප්‍රදේශවල ජීවත් වන බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ පුද්ගලිකත්වයට සහ ආරක්ෂාවට මින් විශාල තර්ජනයක් එල්ල විය හැකි බවට ඇතැම් ව්‍යවසායකයින් විවේචන එල්ල කර ඇත.ඇරෝ කුළුණු 30 ක් මත මෙම අතත්‍ය ගුවන් මාර්ගය අඩි 400 ක් ඉහළ අහසේ නිර්මාණය වී ඇති බවත් එම කුළුණු මගින් ඩ්‍රෝන පාලනය වන බවත් ඇල්ටිටියුඩ් එන්ජල් සමාගම පැවැසුවේය.
මෙම ගුවන් මාර්ගය තුළ ආරක්ෂිතව ඩ්‍රෝන යානා පියාසර කළ හැකි බවත් යානා පියාසර කරවීමට මිනිස් නියමුවන් අවශ්‍ය නොවන බවත් ඇල්ටිටියුඩ් එන්ජල් සමාගම ප්‍රකාශ කළේය.එක් කුළුණකට සැතපුම් 2.5 ක සංඥා පරාසයක් තිබෙන බවද එම සමාගම පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොව පළමු ඩ්‍රෝන ගුවන් අධිවේගී මාර්ගය විවෘත වෙයි