(අංජුල මහික වීරරත්න)
දේශීය බිත්තරයක මිල අප්‍රේල් මාසයේ රුපියල් 35 ට ගෙන ඒමට නියමිත යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දෛනික දේශීය කුකුළු බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්‍යතාවය ඉක්මවා ගොස් ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සාමාන්‍යයෙන් මෙරට දෛනික බිත්තර අවශ්‍යතාවය බිත්තර ලක්ෂ 65කි. දැනටමත් දේශීය කුකුළු ගොවිපොලවල බිත්තර නිෂ්පාදනය ලක්ෂ 75 ඉක්මවා ගොස් ඇති බව බිත්තර නිෂ්පාදන කර්මාන්ත කරුවන්ගේ සංගමය දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
එමෙන්ම මෙරටට වාර්ෂිකව අවශ්‍ය මව්සතුන් සංඛ්‍යාව 85,000ක්ව වුවත් මේ වනවිට සියලු කුකුළු ගොවිපළවල සිටින මව්සතුන් සංඛ්‍යාව 135,000 ඉක්මවා ඇතැයි ද සියලුම කුකුළු ගොවිපොළවල කුකුළු පැටවුන්ගේ ධාරිතාවය සියයට සියයකින් සම්පූර්ණ කර තිබෙන්නේ යැයිද අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට වෙළඳපොළේ කුකුළු බිත්තරයක මිල රුපියල් 45-50 දක්වා මිල ගණන යටතේ අලෙවි කෙරේ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නව වසරේ බිත්තර 35 ට
sachith Sunday, 31 March 2024 10:35 AM
මේ කියන්නේ ශුවර් එකටම අවුරුදු වෙනකොට බිත්තරයක් රුපියල් 70ක් වත් වෙනවා කියන එක...
අමරේ Sunday, 31 March 2024 04:24 PM
මෙයා කියන තරමක් කියන්නේ බොරු... එක පාරක් මාස ගාණක හාල් හිඟයක් එනවා කියලා කොළඹ මිනිස්සු හාල් කිලෝ 100 ගණන් එක්රැස් කළා... දැනට ඉන්න හොඳම ඩීල්කාරයා...!
Samare Monday, 01 April 2024 10:01 AM
මැතිවරණය පැවත්වෙන මාසයේ බිත්තරයක මිල කීයක් වනු ඇත්දැයි නිවැරදිව අනුමාන ලෙස පවසා නොමිලයේ බිත්තර පෙට්ටියක් ලබා ගැනීමට ඔබට හැකියි..මේ සඳහා ලඟම සමෘද්ධි නිලධාරීන් මගින් ලියාපදිංචි විය හැකියි..
kotiya Tuesday, 02 April 2024 12:26 AM
ඔන්න බලන්න අප්‍රේල් 8 වෙනිදා විතර ඉඳන් කිකිළියන් බිත්තර දාන් නැතුව ස්ට්‍රයික් කරලා බිත්තරේ 75ට යන්නේ නැද්ද කියලා...!