IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අනතුරින් ගුරුවරිය මරුට

 (සනත් ගමගේ)

නෝනගම ඇඹිලිපිටිය මාර්ගයේ බැමිණියන්විල ප්‍ර දේශයේ දී අද  (31) සිදු වූ අනතුරකින් මව මිය ගොස් පියා හා දරු දෙදෙනා තුවාල ලබා ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි.

කොළඹ සිට හම්බන්තොට මිරිජ්ජ විල ප්‍ර දේශයේ නිවස බලා මෝටර් රථයෙන් ගමන් කර මින් සිටිය දි මෝටර් රථය පදවාගෙන ආ සැමියාට  නින්ද යෑම හේතුවෙන් මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට මෝටර් රථය ධාවනය වී මාර්ගය අසල පිහිටා තිබූ කොහොඹ ගසක මෝටර් රථය ගැටි සිදු වූ අනතුරින් මෝටර් රථයේ පසුපස අසුනේ ගමන් ගත් බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්‍තේ  හම්බන්තොට මිරිජ්ජවිල අඩී 100 පාර පදිංචි මාතර රජයේ පාසලක සේවයකරන සමන්තිකා ජයසිංහ (51) යන අය බව හඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි.

 අම්බලන්තොට පාසලක විදුහල්පතිවරයකු වන මියගිය ගුරුවරියගේ සැමියා  අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතර. වයස අවුරුදු 20 සහ 16 පසුවෙන දරුවන් දෙදෙනාද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

 



අදහස් (0)

අනතුරින් ගුරුවරිය මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site