( ප්‍රසංග පෙරේරා)
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මත්තුමගල රාගම පදිංචි පි. අසංක ලක්මාල් නැමති අයගේ නිවසට පල්සර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනකු ටී. 56 වර්ගයේ ගිණි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කර තිබේ.
වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් සමග ඔහු පොරබදා තිබෙන අතර එම අවස්ථාවේදී ගිනි අවියේ උණ්ඩ මැගසිනය බිම් වැටි තිබේ.
ඒ සමගම වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් පලා ගොස් ඇතැයි පොලීසිය කියයි. වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නොමැති බව ද පොලීසිය පවසයි. වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින්ගේ සිසීටී වී දර්ශනද ඇතැයි පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd