(සුජිත් හේවාජුලිගේ)
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
දේශීය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා තීරු බද්ද හා බැඳුණු නව ඍතු බද්දක් හඳුන්වා දෙන බවද හෙතෙම සඳහන් කළේය.
විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කළ අවස්ථාවලදී රටේ භාණ්ඩවල මිල ගණන් නඩු නොවී අපේක්ෂා කළ සහනය ජනතාවට නොගොස් ව්‍යාපාරිකයාගේ පැත්තට යොමුවීම වැනි කරුණු මෙම බද්ද අහෝසි කිරීමට හේතුවූ බව ඔහු කීවේය.
නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණෙන වකවානුව නිශ්චිතව හඳුනාගෙන දියුණු රටවල මෙන් තීරු බදු හා බැඳුනු නව බදු ක්‍රමවේදයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණෙන වකවානුවේදී ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ක්ෂණිකව හඳුන්වාදිය හැකි බද්දක් ලෙස විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉතා වැදගත්වූ බව ඔහු වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන ජනවාරිය වෙන තුරු ඉන්නද ආසාව, එච්චර කල් ඉන්න දුන්නොත් අපිට මැරෙන්න වෙනවා, ඒ නිසා ලබන ඔක්තෝබර් මාසයේ දාහත් වෙනිදායින් පස්සෙ ගෙදර යන්න ලැහැස්ති වෙන්න මහත්තයෝ, ඔයාලා බදු එහාට මෙහාට හරව හරවා ජනතාව පිට බර පටවන්නත් ඔහෙලගේ ගජ මිතුරු ව්‍යාපාරික කල්ලියට ඇති තරම් ලාබා ලබන්නත් අවස්ථාව හදා ගන්න බව අපි දන්නවා.
ලබන ජනවාරි මාසය වන විට චෝදනා කිසිවක් නැතිනම් ගෙදර. එහෙම චෝදනා තියනවා නම්, කෙහෙළියගේ සහායට වැලිකඩට යන්න වෙන්නේ. තවත් වත්මන් පාර්ලිමේන්තුවේ සගයින් එන්න ඉන්නේ...
අරවින්ද මොණරවිල මහත්තයෝ ඔයා ජාතික ජනබලවේගයේ ප්‍රබල අනුගාමිකයෙක් බව ඔයාගේ සියලු කොමෙන්ට් අනුව ඉතා පැහැදිලියි. ඒක ඔබේ අයිතිය... දන්නේ නැති නිසයි අහන්නේ... පුළුවනි නම් ඉතා පැහැදිලිව කියන්නකෝ ඔබලාගේ රජයක් යටතේ කුමන ආදායම් මට්ටමින් ඉහළ අයගෙන්ද බදු අයකරන්නේ... ඒ කුමන ප්‍රතිශත වලින්ද යනවග.... ඒ එක්කම ඔබලාගේ බදු ප්‍රතිපත්තිය වත්මන් රජයේ ප්‍රතිපත්තිය සමග ඉතා පැහැදිලි සැසඳීමක් ඉදිරිපත් කරන්නකෝ... අපි හැමෝටම තේරෙන ආකාරයට... ඒ වගේම සේවකයින්ගේ වැටුප් වැඩිකරන ආකාරය, රජයෙන් සපයන සේවාවන් වලට අයකරන ආකාරය යනාදිය කියන්නකෝ...! මොකද මම එහෙම කියන්නේ මේ දවස්වල රැල්ලට ජාජබවේ වටා එකතුවෙන් වැඩි පිරිසක් කියන්නේ ඔයාලා ආවාම බදු අයකරන්නේ ඉහළම ධනපතියන්ගෙන් විතරයි කියලයි...
සහනේ ව්‍යාපාරිකයාගේ අතට ගියා කියලා දැනගත්තේ ඡන්දෙ කිට්ටු වෙද්දීද?