
(කුෂාන් ජයවර්ධන)
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත් බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මෙම පාන්පිට මිනිස් පරිභෝජනයට නුදුසුදු බවත් ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානමින් තිබු බවට තොරතුරු ලැබුණු බවද එම කාර්යාලය කියයි.
ඉතා විශාල ගබඩවක එම පාන්පිටි තොගය ගබඩා කර තිබූ අතර එහි කිලෝ 25 සහ 50 තරමේ පාන් පිටි ගෝනි 10,000කට අධික ප්‍රමාණයක් තිබූ බව ද වැටලීම සිදු කළ නිලධාරීහු පැවැසූහ.
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් සිදු කළ ක්ෂණික වැටලීමකදී මෙම පාන් පිටි තොගය සොයා ගැනීමට හැකිව තිබිණ.
අපනයනය සදහා ගම්මිරිස් වියළා සකසනු ලබන මහපරිමාන මෝලක එම පාන් පිටි තොගය ගබඩා කර තිබි ඇත.
එම පාන් පිටි තොගය කල් ඉකුත් වීමට ආසන්න වන අතර විදේශ රට නිෂ්පාදිත ඒවා බවට ද එම ඇසුරුම්වල සදහන් වෙයි.
ගුල්ලන් සහිත එම පාන් පිටි තොගයට මෙම ස්ථානයේදී වස යොදා ගුල්ලන් මර්ධනය කර යළි සකසා විදේශ රටක නිෂ්පාදිත බවට හා කල් ඉකුත්වීමේ දින වෙනස් කර අළුතින් මුද්‍රණය කර නව ඇසුරුම්වල නැවත අසුරා විදේශයකින් ආනයනය කළ පාන් පිටි සේ යළි බෙදා හැරීම සිදු කෙරෙන බවට සෞඛ්‍ය බලධාරීන් සිදුකළ විමර්ශණවලදී අනාරවරණය කරගෙන තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ යුත්තේ ඔය පිටිවලින් ආහාර නිෂ්පාදනය කර තොග අයිතිකරුවන්ටම අනුභව කරවීමට සැලැස්වීමයි. මරණයේ බිය දැණුනාමවත් ජඩවැඩ නතර කරාවි...
ඔය ඉතින් අහවල් ආගමේ කට්ටියගේ වැඩක් තමයි. පාස්කු ගම්මිරිස් නානාගේම නෑයෝ වෙන්න ඇති. ඕවා කරන්න හොඳයි, කියන්න හොඳ නෑ. කිව්වාම අපි ජාතිවාදීන් වෙනවා. ඥාණසාර හාමුදුරුවන්ටත් ඕවා කතාකරලා තමයි දැන් හිරේ ඉන්නේ... වඳ කොත්තු කෝ කිය කියා හිනා වුණු අයට දැන් මොකද කියන්න තියෙන්නේ...?
එම ආයතනය නිෂ්පාදනය කරන හෝ බෙදාහරින ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් දේවල් වර්ජනය කළ යුතුයි. දැනට පුළුවන් හොඳම දඬුවම ඒකයි.
තව ටික දවසකින් කියයිද දන්නේ නෑ... ඒක වැරිදීමක්... කණගාටුව ප්‍රකාශ කරනවා කියලා...