(ගයාන් සූරියආරච්චි)

පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.

පොලිස් නිලධාරීන් ජංගම සංචාර, පා මුර සංචාර සහ මාණ්ඩලික සංචාර  සදහා පැය 24  ම ක්‍රියාත්මක වන පරිදි යොදවා තිබේ.