
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට සිටින ශ්‍රී ලාංකිකයන් කිහි පදෙනකු ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයකු මසකට ඇමෙරිකානු ඩොලර් 3000 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 9 ක් පමණ) වැටුපක් ලැබෙන බවද එම ශ්‍රී ලාංකිකයන් ප්‍රකාශ කළ බව අල් ජසීරා පුවත් සේවය සඳහන් කළේය.
ශ්‍රී ලංකා හමුදාවෙන් විශ්‍රාම ගෙන සිටින සොල්දාදුවන් බොහෝ පිරිසක් මේවන විට රුසියානු හමුදාවට බැඳීමට උත්සාහ දරමින් සිටින බවත් ඔවුන් තම පවුලට හොඳ කාලයක් උදා කර දීම සඳහා යුක්රේන හමුදාව අතින් ඝාතනයට ලක් වීමට පවා ඔවුන් සූදානමින් සිටින බවත් අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය.
ශ්‍රී ලංකා හමුදාවෙන් විශ්‍රාම ගත් 27 හැවිරිදි නිපුණ සිල්වා මෙම මස මුලදී යුක්රේන හමුදා ප්‍රහාරයකින් මියගිය බව ඔහු සමඟ රුසියානු හමුදාවේ සේවය කළ 36 හැවිරිදි සේනක බණ්ඩාර අල් ජසීරා පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.
ඩොනෙට්ස්ක් නගරයේ බංකරයක සේවය කරමින් සිටියදී එල්ල වුණු යුක්රේන හමුදාවේ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් නිපුණ මියගිය බව සේනක බණ්ඩාර පැවැසුවේය.
ප්‍රහාරයෙන් නිපුණගේ පපුවට, අත් වලට සහ පාද වලට තුවාල වී අධික ලෙස රුධිරය වහනය වූ බවත් තමන් නිපුණව කර තබාගෙන පැමිණෙද්දී තවත් ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් ඔහුව දමා ඒමට සිදු වූ බවත් සේනක බණ්ඩාර ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න උදයංග වීරතුංග මහත්තයෝ ඉල්ලමක් ,තමුන්නැහැගෙ සම්බන්ධතා පෙන්වල මේ අයට අවස්ථාව ලබාදෙන්න. සනුහරේම අරගෙන සමුලුවලට යන්න ඩොලර් යහමින් ඕන කාලයක් මේ.
රුපියල් පන්දාහට මිනී මරන පාතාල අළුගෝසුවන්ට රැකියා අවස්ථාවක්.
කාලකන්නි දේශපාලකයෝ අපේ රටේ මිනිස්සු වට්ටපු තැන .තමන්ගේ පවුල රකින්න වෙන රටක් වෙනුවෙන් ජීවිතේ දෙනවා .තොපිට හොඳක් වෙන්නේ නෑ රට කාපු කාලකන්නි
මිග් ජෙට් හොරා, වේරතුංග ඩීල් එකෙන් ලේ සල්ලි එකතු කරයි, මේ දුප්පත් මිනිස්සු යුක්රේනයේ "කැනන් ෆොඩර්" ලෙස මිය යනු ඇත, වළලනු නොලැබේ, රුසියානු පෙරමුණට කෑමක් නැත බෙහෙත් නැත මරණය මරණය මරණය පමණයි
ලංකිකයෝ පෙරමුණට යවයි. උදයංග රුසියානුවන් ලංකාවට ගෙනැවිත් ගණනක් කපා ගනිවි. රුසියාවට ගිය අයට මසක වැටුපක් ලැබෙයිද මැරෙන්නට කලින්...?
තමන්ගේ දරුවන් වෙනුවෙන් මොනවද නොකරන්නේ... රටේ පාලකයෝ කරපු හොඳ වැඩ තමයි නේද?
ලංකාවේ කෑගහන සමාජවාදීන්ට යන්න පුලුවන් තමන්ගේ සමාජවාදී බිම බේරාගන්න...
ඩොලර් ගේන්න පුළුවන්නේ...!