
(චමිල් රූපසිංහ)
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්දයෙන් එම ලේකම්වරියක අද (29) පැමිණිල්ලක් කළ බව පේරාදෙණිය පොලිසිය පවසයි.
තමන් වෙත පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ඊයේ (28) දුරකතන ඇමතුමක් ලබාදී තමන් වෙනත් පුද්ගලයකු හා පවසුවැයි කියන ප්‍රකාශයක් ගැන විමසා එය සත්‍ය නම් ඇයගේ කට කපා දමනවා යැයි තර්ජනය කළ බව පොලිසියට පැමිණිලි කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ සම්බන්ධව පැමිණිල්ලට ලක් වූ මහාචාර්‍ය රංජිත් බන්ඩාර මහතාගෙන් කළ විමසිමකදි තමා අදාල ලේකම්වරියට දුරකතන ඇමතුමක් ගත් බවත් මේ වගේ සිද්ධියක් ජේවිපි භිතිය ඇති සමයේ කළා නම් කටකපනු ඇතැයි පවැසු බවත් තර්ජනයක් නොකළ බවත් මාහාචාර්‍යවරයා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්ය වරයෙක් නේද? අපි කලින් අහලා තියෙන්නේ නව සොයාගැනීම් වගේ වටිනා දේවල් තියෙද්දී අද අහන්න තියෙන්නේ මේවාද?
ආ.. මේ මහාචාර්ය නේද?
මොවුන්ට දැන් තියන එකම බය ජවිපය...
ආචාර්ය මහාචාර්ය වුණාට දැන් කාලේ ෆෝන් රෙකෝඩින් කියලා දෙයක් තියනවා කියලා දන්නේ නැතුව කරපු දෙයක්...!
මෙයා නම් කිසිසේත්ම පාර්ලිමේන්තුවට සුදුසු නැහැ. මෙයාව නැවතත් කෝප් කමිටුවට පත් කළ එක කිසිසේත්ම අනුමත කරන්න බැහැ. මෙයාට මහාචාර්ය කියලා කියන්නත් වටින්නේ නැහැ.
මෙතුමාට හස්ථ සංඥාව අමතක වෙලාද දුරකථනයෙන් තර්ජනය කළේ?
දැන් චණ්ඩි පාට් දාන්නා පටන් අරගෙන වගෙයි. ඔහොම ඉන්න තව ටික දවසක්. කෝප් කමිටුවේදී ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රශ්නය වෙලාවේ, අපිට අමතක නැහැ. අතින් පයින් ක්‍රිකට් කාරයින්ට සිග්නල් දුන්නු හැටි. කවුද ඔය මහාචාර්ය පට්ටම දුන්නේ? ජම්පර් දෙක තුනක් මහගෙන ලැහැස්තිවෙලා ඉන්න.
අපි නොදන්න මෙයා...
යන්නේ කොහේද මල්ලෙ පොල්... දැන්නම් කට්ටිය හොඳටම ජේවිපී භීතියට පත්වෙලා ඉන්නේ කියලා තේරෙනවා.
කෝල් කලේ මොකටද? හමු වුණාම සංඥා භාෂාවෙන් කියන්න තිබුණානේ...!
කට කපනවා කිව්වේ නැතිනම් ඒ තැනැත්තිය පොලිසියේ පැමිණිල්ලක් දැම්මේ කොහේ කසනවටද? තර්ජනය කරපු කෙනා කියනවද? ඔව් මම තර්ජනය කළා කියලා...!
ඇත්තටම මහාචාර්ය කෙනෙක් නම් මොනවාටද ඔතැන බැලුවේ නෑවද මන්දා...?
මන්ත්‍රීවරයෙක් හෝ මහාචාර්යවරයෙක් නොවෙයි...
මහාචාර්යවරුන් උගත්කමින් පොත්පත් ලියලා දරුවන්ටත්, සමාජයටත් මෙහෙවරක් කරන උගතුන්... අද මහාචාර්යකම දෙකේ කොලයට ගිහින්....
එතුමියගේ කට කපනවාද කිව්වේ, නැතිනම් කට කනවාද කිව්වේ...
මෙයානම් ජවිපයට වක්‍රව පහර ගැසීමට හිතාමතාම සැලසුම් කළ දෙයක් බවයි මට පේන්න තියෙන්නේ...
වෙන රටක නම් මෙයා මෙලහකටත් අත් අඩංගුවේ. මහාචාර්ය තනතුරටත් ලැජ්ජයි.. කෝප් එකේ ඉඳලත් කෑවා. ලැජ්ජයි. වහාම පරීක්ෂණයක් තියලා අත් අඩංගුවට ගන්න. ජීවිත තර්ජනය කරන අයද පාර්ලිමේන්තුවේ ඉන්නේ..?
අම්මෝ ... එහෙම කාලෙකුත් තිබුණා නේද? ඒ අස්සේ මෙතුමා ජේවීපී එකට කල්යල් බලා හොඳ ටොක්කක් ඇනලා. කොහොම වුණත්, එහෙම කාලයක් තිබුණා. එය නෑ කියන්න කාටවත් බැහැ. කටකපනවාට බයේ සිගරට් බිව්වේ නැහැ. මැරුම් කන්න වෙන නිසා ලයිට් දැම්මේ නැහැ. ටීවී බැලූ අවස්ථාවල ලොකු කළුගල් පියාඹා ඇවිත් ටීවී එක බින්දා. කඩවල හමුදාවට මුදල් වලට බඩු වික්කොත් මැරුවා. ඒ අය බලෙන් නිකං බඩු අරං ගියා. මිනිය දනෙන් උඩට උස්සන්න දුන්නේ නැහැ. ඉන්දියාව හා ඉන්දියන් බඩු එපා වුණා. තේ දළු නෙලන්න දුන්නේ නැහැ. තේ පැක්ටරි, බස් හා වාහන ගිනි දෙවියාට පූජා කළා. ඡන්දය දුන්නොත් මරණය. මේ වගේ තවත් බොහෝ දේ කළ අය රෙදි ඇඳගෙනද මන්දා අද මේ අපූරූ කතා කියන්නේ...
අසත්‍ය ගවේෂී, ඔය කියන ඒවා වුණා නම් ඒවා කරපු අය බිහිකලේ තමුන්නැහැලාගේ නායකයෝ තමයි, අමතකද මැතිණිගේ ප්‍රජා අයිතිය අහෝසි කළා, එදිරිවීර මහාචාර්යතුමාට ගැහුවා, කල ලාම්පු සෙල්ලම දාලා පරණ හොරු මැරයින්ම තියාගත්තා. කලු ජූලිය පිට දාලා ජවිපෙ තහනම් කළා... රැකියා, ඉඩම් , සේරම තම පක්ෂයේ අයට විතරයි. ඕවාට එරෙහිව තරුණ නැගිටීමක් වුණා... ඒකෙන් රාජ්‍ය මැරබලය මුදාහැරලා ඕවත් කළා සම්පූර්ණ වගකීම රනිල් හිටපු රජයට...!
පට්ටමෙන් මහාචාර්ය, ක්‍රියාවෙන් දුරාචාර්ය...