
(අංජුල මහික වීරරත්න)
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් කඩිනමින් නව නීති ගෙන ඒමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ළමා ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ මෙතෙක් පැවති කිසිඳු රජයක නිසි අවධානයක් යොමු නොවීම හේතුවෙන් අද එය බරපතළ ගැටලුවක් වී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී කීය.
පවතින සංකීර්ණතාව තුළ මෙම ගැටළුවට කඩිනම් විසඳුම් සෙවීම අසීරු වුවද රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය.
කාන්තා සහ ළමා ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට දැනට පොලිස් ස්ථානවල කාන්තා සහ ළමා අංශය නැතුව, දැන් මෙයා තමයි අලුත්තෙන් පටන් ගන්නවා වගේ. අනික මෙයා කියන්නේ කඩිනමින් නව නීති ගෙන ඒමට කටයුතු කරන බව. එහෙම නම්, දැනට ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය වෙනුවෙන් රටේ නීතියක් නැහැ වගේ කතාව. නීතිය ක්‍රයාත්මක කරනවා නම්, පවතින නීති ඕනෑ තරම් ප්‍රමාණවත්... කොහොමද මෙයා ජනතාව රවට්ටන්න ක්‍රමය...!
ඔබතුමා රටේ අගමැති වෙලා කීපාරක් නම් හිටියාද? ඒ කාලේ කරන්න තිබුණානේ? ඔබතුමාගෙ දැන් ඉන්න මහලේකම්තුමා තමයි කිව්වේ "පරපුරක් නැති කෙනෙක් පරපුරකට කෙරන්නේ කොහොමද කියලා", බොරු නම් පරණ නිව්ස් අරං බලන්න..!