කෝටි 12 රන් බඩුත් දී, කෝටි 11 දඩයකුත් ගෙවයි
රුපියල් කෝටි දොලහක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවට එරෙහිව පැවති විධිමත් රේගු පරීක්ෂණයේ දී වැරදි කරු වූ , ඇයට රුපියල් එකොළොස් කෝටි අසූ ලක්ෂයක දඩය, එසැනින් ගෙවා දැමීමට ඇය කටයුතු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .