
(අංජුල මහික වීරරත්න)
ඉතිහාසයේ පවා ආර්ථිකය කඩා වැටී තිබුණ සෑම මොහොතකදීම රනිල් වික්‍රමසිංහ මහතා නොබියව ආණ්ඩු බාරගත් බව එක්සත් ජාතික නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඔහු එලෙස රට බාරගෙන සෑම අවස්ථාවකදීම ඔහු රට ගොඩගත් බවද විජයවර්ධන මහතා කීය.
ඉන්න හිටින්නට පුළුවන් රටක් ගොඩනගන්නට රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වන්නැයි එජාප පාක්ෂිකයින්ට ආරාධනා කරන බවද එජාප නියෝජ්‍ය නායකවරයා මෙහිදී පැවැසීය.
“එක්ව ජයගමු” තේමාව යටතේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවට අද (08) දින සහභාගී වෙමින් නියෝජ්‍ය නායකවරයා මේ බව සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුව බම්බලපිටිය ලොරිස් මාවතේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්ද ගන්න කෙලින පච.
අම්මපා ඇත්ත අර මහ බැංකුවත් ගොඩ දැම්මෙ යස අගේට.
හරි එහෙනං ටැංකූ. මේ පාරත් ගොඩදැම්මනේ එහෙනං. දැං ආපු අතකට යන්න කියන්න. ආපහු වැටිච්ච වෙලාවක ගොඩදාන්න එන්න කියඤ්ඤං.
රට වැට්ටුවෙත් දූෂිත දේසපාලුවෝ එකතුවෙලා වෙලා? කොහොමද දන්නේ නැහැ රනිල් රට ගොඩ දැම්මේ, මහ බැංකුව හොරා කාලද?
රට වැටුණේ කවුරු නිසා ද? ඔය කියන අයම තමයි ඒකට වගකියන්න ඕන. මගඩි දේශපාලනය දැන් නම් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ..
2001-2004 කාලේ තව පොඩ්ඩෙන් ඊළම දෙනවා. අන්තිම මොහොතේ තමයි ඔක්කොම කණපිට ගැහුවේ. මහින්ද දිනුවේ නූලෙන්... එහෙම වුණා නම් අද ගොඩදාන්න රටක් ඉතුරු වෙන්නේ නෑ.
අවුරුදු 47ක් පාර්ලිමේන්තුවේ ඉඳලා රනිල් කරපු ඉටිගෙඩියක් නෑ...
ඇත්ත... අපි වට්ටපු රට රනිල්, මහින්ද තමයි ගොඩ දැම්මේ... පව් අප්පා...
කුහකයන්ගේ කොමන්ට්ස් එමටයි. එදා පෝලිම්වල ලැගපුවා මතක නෑ. කවුද බංකොලොත් රටට ඩොලර් ගෙනල්ලා පෝලිම් නැති කලේ? ඔය කයිවාරුකාරයන්ට කිසි දෙයක් කරගන්න බෑ. වැඩක් කරලා පෙන්නුවා නම් ඒ රනිල්ම විතරයි එදත් අදත් කවදත්.