(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ කෙත්තාරාම ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ජර්මන් ජාතික විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකුගේ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදල් ඇතුළු දේපළ සොරාගෙන ගොස් ඇතැයි මාලිගාවත්ත පොලිසිය කියයි.

රුපියල් 50000/= ක් විදේශීය මුදල් යුරෝ 1500 ක් හා ජංගම දුරකථනයක් දුරකතනයක් වන බව පොලිසිය කියයි.

ජර්මන් ජාතික කතිකාචාර්යවරයා ඉකුත් 7 වෙනිදින ක්‍රීඩාංගනයේ බියර් අලෙවි සල අසල සිටියදී ඔහුගේ ඉණ බැද තිබු බෑගයේ තිබී එම මුදල් සහ කලිසම් සාක්කුවේ තිබූ ජංගම දුරකථනය සොරාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.