
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රටට ආඩම්බරයක් ඇති කරමින් ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රිකට් කුසලානය දිනා දුන් චමරි අතපත්තු ඇතුළු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතුම් පිරිනමන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතිව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
එම කණ්ඩායම මාතෘ භූමිය වෙනුවෙන් සිය දක්ෂතා පෙන්නුම් කළේ පිරිමිකණ්ඩායමටත් ආදර්ශයක් ලබාදෙමිනුයි. එම කණ්ඩායමට මේ පාර්ලිමේන්තුවේ ගෞරවය හිමිවිය යුතුයි. පාර්ලිමේන්තුවේ 255 දෙනාගේම ගෞරවය හිමිවෙනවා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාත් මෙතන ඉන්නවා. ඔහු ක්‍රිකට් පවුලකින් එන කෙනෙක්.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා
ඒ වගේම පිරිමි කණ්ඩායමත් ඊයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. ඒ අයටත් අපි සුභ පතනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිමින්ට සුභ පැතුම්... ඒත් අපේ මතය නොවෙනස්.. උගත්කම ඇති හොඳ පවුල් පසුබිම සහිත සාමාන්‍ය දක්ෂතාවය තියෙන කොල්ලෝ කට්ටිය අරගෙන පුහුණුව දෙන්න. භාෂා දැනුම මාධ්‍යයට මුහුණ දීමට හැකියාව ශික්ෂණය අත්‍යාවශ්‍ය කරුණු. අතිදක්ෂ හිඟන වනචාඊන් ඕන නෑ....
විමලේ දැන් ඇනිලා ඉන්නේ . මොනවා හරි දෙයක් කරනවා චන්ද ගොඩ වැඩි කරගන්න