
(සුමිත් පොතුපිටිය)
කළුතර බන්ධනාගාරයේ රදවා සිටින සිය පුත්‍රයාට ලබාදිමට සබන් කැටයක් තුල සඟවා අයිස් මත්ද්‍රව්‍ය සහ දුම්කොල කැබැල්ලක් රැගෙන පැමිණි මවක අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ , ගෝනපල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කීය.
මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය විසින් නඩු පවරා බන්ධනාගාර ගතකර සිටින සිය පුත්‍රයාට ලබාදීම සදහා මෙම මත්ද්‍රව්‍ය රැගෙන විත් ඇති බවට හෙලිව ඇති බව පොලිසිය පවසයි .
බන්ධනාගාර නිළධාරින්ට සැකසිටී පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 1300 ක්, කුඩා දුම්කොල කැබැල්ලක් සහ හදුනානොගත් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 1600 ක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතාගේ වයස කීයද?
අම්මලා දරුවන්ට ආදරය නිසා වරදක් කලත් නොසළකා හරිනවා සමහරක් අම්මලා කියන්නෙ කොල්ලෙක් වුනාම ගෑනු වගේ නොසිට ටිකක් බොන්න කන්න ඕන කියලා ඉතින් එහෙම අම්මලාගෙ දරුවො නොමගට යනවා අතීතයේ කතාවක් තිබුනා එක දරුවෙක් දවසක් පාසලේදී කෙනෙකුගේ දෙයක් හොරකම් කරගෙන ආවාම අම්මා ප්‍රශංසා කලා එහෙම දිගින් දිගටම කරල අන්තිමේ මිනීමැරුමක් කළ පුතා මරණ දඩුවම් ලැබීමට නියමිත දවසේ අම්මා බලන්න ගියාම අම්මගෙ දිව කඩා ගත්තා කියලා තමයි කියන්නෙ ඒ පුතා කිව්වලු මුල්ම දවසේ හොරකම් කලාම දඩුවමක් දුන්නා නම් මට මෙහෙම වෙන්නෙ නැහැ කියලා අන්තිමේ කිව්වලු.
මචක් තම දරුවාට අයහපතක් කරන්නේ නැත. ඒක ලෝක ධර්මතාවයක්. මේ අනුව, මෙසේ වන්නේ මන්දැයි සොයා බැලිය යුතුයි. කොරෝනා කාලයේ මා දන්නා අයෙකුගේ සොහොයුරා මත්කුඩු නොමැති වීම නිසා සියදිවි නසා ගත්තා. පුනරුත්ථාපනය වන විට සියදිවි නසා ගැනීම වැලකීමට යම් ක්‍රමවේදයක් සැලසිය යුතු බව පෙනී යනවා. නමුත් කිසි සේත්ම මේ ක්‍රියාව අනුමත කළ නොහැකියි. මේ සම්බන්ධව විද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක පසුබිම සොයා බැලිය යුතු බව පමණක් පවසමි.
සාර් පාලනයට එරෙහි වූවන් සිරගත වූ පසු ඔවුන්ගේ මව් වරුන් සාර් පාලනයට විරුද්ධ පත්‍රිකා හොර රහසේ ගෙන ගොස් බෙදා හැරියා රුසියාවේ.
මේ අම්මා තම පුතුට ඇති ආදරය නිසා කළ දෙයක්.
වරදක් කළත් සිතකින් නොවෙයි... රිදවන්නේ පලිගන්නේ ඇයි? අම්මා කෙනෙකුගේ ආදරය.., දැන දැනත් නොමග ගිය පුතාට, නමුත් මම අදහනවා. පුතාව යහමගට ගන්න පුළුවන් වේවි මෙයින්ම... තමන්ගේ අම්මාවත් හිරගෙට දාපු පුතාට මෙයින්වත් මොලේ පෑදේවා...!