
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජයේ රෝහල්වල ඖෂධ පනස් දෙකක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රෙම්ෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසිය
එම ඖෂධ ඇනවුම් කර ලැබෙමින් පවතින බවත් හිඟ ඖෂධවලට ආදේශක ඖෂධ පවතින බවත් ඔහු කීවේය.
ජීවිත ආරක්ෂක ඖෂධ සියල්ල රෝහල්වල ඇති බව පැවසූ අමාත්‍යවරයා බෝනොවන රෝග පාලනයට ජාතික මධ්‍යස්ථානයක් ඇති කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව පනත් කෙටුම්පත් නවයක් ඉදිරියේදී ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා කීවේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි අපි මොනව හරි කරගන්න බලන්නම්. ස්තූතියි
සාධාරණ ලෙස වෘත්තීය ගරුත්වය වෛද්‍ය ආචාරධර්ම ගැන සැලකිලිමත් සෞඛ්‍ය ඇමතීවරයෙක්. මෙවැනි අය සිටියදී කෙහෙළිය, නමුත්ත, හිටන් වැන්නන් සෞඛ්‍ය ඇමතිකම දැරූවේ ඇයි?වෛද්‍යවරු කීප දෙනෙක් සෑම පාර්ලිමේන්තුවකම සිටිය නේද?
තත්වය මෙහම තියද්දී මෙයාගේ ජනාධිපති රටට සුභ ආරංචි කියනවා. රට බංකලොත් භාවයෙන් නිදහස් කළා කියලත් කියනවා.
ලැජ්ජාවක් නැත්ද ඕව කිය කිය ඉන්න. දැන් සුබ ආරංචි ගෙනාවේ අපිද. ජනතාවට උත්තර දෙන්න.
ඔය කරලා තියෙන්නේ රනිල් සහ චෞරයෝ ටික ,තාමත් කියන්නේ රනිල් වැඩ්ඩෙක් කියලා
දැන් අපිද වැරදි? බෙහෙත් නෑ අරක නෑ, මේක නෑ? ඡන්දේ කිට්ටු වුණාම කියනවා. අපි ඇමරිකාවෙන් හරි ගිහින් බෙහෙත් ගෙනවා කියලා ඡන්දෙට පස්සේ අඬනවා. හැබැයි ඇමතිගේ ස්විස් ගිණුමේ ඩොලර් මිලියන ගණක්, කැනඩාවේ, ඇමරිකාවේ ඉඩම්, සමාගම් අපි ගෙවන බදු වලට අපිට දෙන්නේ බාල බෙහෙත්. අහෝ, ලංකාව කතා කරලා වැඩක් නෑ. මේ පාර ජනපති නාමල්, රනිල්, සජිත් ආවත් එකයි. 2030 සෝමාලියාවක් වෙයි වගේ. දැනටත් ළමයින්ගෙන් 30%කට වඩා මන්දපෝෂණය.