
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජයේ රෝහල්වල ඖෂධ පනස් දෙකක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රෙම්ෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (08) පැවසිය
එම ඖෂධ ඇනවුම් කර ලැබෙමින් පවතින බවත් හිඟ ඖෂධවලට ආදේශක ඖෂධ පවතින බවත් ඔහු කීවේය.
ජීවිත ආරක්ෂක ඖෂධ සියල්ල රෝහල්වල ඇති බව පැවසූ අමාත්‍යවරයා බෝනොවන රෝග පාලනයට ජාතික මධ්‍යස්ථානයක් ඇති කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව පනත් කෙටුම්පත් නවයක් ඉදිරියේදී ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා කීවේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝහල්වල බෙහෙත් 52 ක හිඟයක්
kaushi Thursday, 08 August 2024 12:59 PM
හරි අපි මොනව හරි කරගන්න බලන්නම්. ස්තූතියි
Lalla Thursday, 08 August 2024 01:00 PM
සාධාරණ ලෙස වෘත්තීය ගරුත්වය වෛද්‍ය ආචාරධර්ම ගැන සැලකිලිමත් සෞඛ්‍ය ඇමතීවරයෙක්. මෙවැනි අය සිටියදී කෙහෙළිය, නමුත්ත, හිටන් වැන්නන් සෞඛ්‍ය ඇමතිකම දැරූවේ ඇයි?වෛද්‍යවරු කීප දෙනෙක් සෑම පාර්ලිමේන්තුවකම සිටිය නේද?
Hafeel Thursday, 08 August 2024 02:05 PM
තත්වය මෙහම තියද්දී මෙයාගේ ජනාධිපති රටට සුභ ආරංචි කියනවා. රට බංකලොත් භාවයෙන් නිදහස් කළා කියලත් කියනවා.
ජයනාත් Thursday, 08 August 2024 02:16 PM
ලැජ්ජාවක් නැත්ද ඕව කිය කිය ඉන්න. දැන් සුබ ආරංචි ගෙනාවේ අපිද. ජනතාවට උත්තර දෙන්න.
Kazi Shajahan Thursday, 08 August 2024 02:30 PM
ඔය කරලා තියෙන්නේ රනිල් සහ චෞරයෝ ටික ,තාමත් කියන්නේ රනිල් වැඩ්ඩෙක් කියලා
Ruwan De Silva Friday, 09 August 2024 06:50 AM
දැන් අපිද වැරදි? බෙහෙත් නෑ අරක නෑ, මේක නෑ? ඡන්දේ කිට්ටු වුණාම කියනවා. අපි ඇමරිකාවෙන් හරි ගිහින් බෙහෙත් ගෙනවා කියලා ඡන්දෙට පස්සේ අඬනවා. හැබැයි ඇමතිගේ ස්විස් ගිණුමේ ඩොලර් මිලියන ගණක්, කැනඩාවේ, ඇමරිකාවේ ඉඩම්, සමාගම් අපි ගෙවන බදු වලට අපිට දෙන්නේ බාල බෙහෙත්. අහෝ, ලංකාව කතා කරලා වැඩක් නෑ. මේ පාර ජනපති නාමල්, රනිල්, සජිත් ආවත් එකයි. 2030 සෝමාලියාවක් වෙයි වගේ. දැනටත් ළමයින්ගෙන් 30%කට වඩා මන්දපෝෂණය.