
(දයාරත්න ඇඹෝගම)
‘බුදු රාජාණන් වහන්සේ උත්පත්තිය ලබන්න පෙර පස්මහ බැලුම් බැලුවා.විශේෂයෙන්ම දේශය හා කාලය බැලුවා.නාමල් රාජපක්ෂ පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට තරග වැදිමට ගත් තීරණය දේශයටත්,කාලයටත් යන දෙකටම හොද නැහැ. හදිස්සි වුණා, කලබල වුනා වැඩියි‘ එම තීරණය කාලෝචිත නොවන එකක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය.
අනුරාධපුර,මාතලේ හන්දිය,කුරුන්දන්කුලම ඒ මහතාගේ නිවසේදී පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව පැවසිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙසේද පැවසිය.
“පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විදියට ධම්මික පෙරේරා එනවා කියලා තමයි අපිට ඉස්සරලා කියුවේ.අපිටත් එන්න කියලා කතා කළා,ඒ වුනාට නාමල් රාජපක්ෂ මහත්තයා පොහොට්ටුවෙන් මෙවර ජනාධිපති අපේක්ෂකයා ලෙසට නම් කරලා තියෙනවා.
කොහොම වුණත් ධම්මික පෙරේරා පොහොට්ටුවට පොල්ල තිබ්බා කියලා නම් ඉතාමත්ම පැහැදිලියි.”
“නාමල් රාජපක්ෂ මහත්තයාට ඔයිට වඩා කල්පනාවෙන් ගමන යන්න තිබුණා.පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරලා මහමැතිවරණයේදි අගමැති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙන්න තිබුණා . පොහොට්ටුවෙන්.ඒවා ඔක්කොම අතහැරලා ඉතාම දුෂ්කර මාර්ගයකට නාමල් රාජපක්ෂ මහත්තයා අවතිර්ණය වේලා තියෙනවා.මම ඒ පිලිබද ඉතාමත්ම කණගාටු වෙනවා.
නාමල් මහත්තයා කලබල වුණා,හදිස්සි වුණා වැඩියි.බුදු රාජාණන් වහන්සේ උත්පත්තිය ලබන්න පෙර පස්මහ බැලුම් බැලුවා. විශේෂයෙන්ම දේශය සහ කාලය ගැන බැලුවා.මේ වේලාවේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ ගමනට දේශයත්,කාලයත් දෙකම හොද නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹලා ඔක්කොමලා කලබල වෙලා ආත භූත වෙලා ඉන්න බව පේනවා
එස්.එම්.චන්ද්‍රසේන මහතා කලබල වුණා වැඩියි .දැන් අනුරාධපුරේ පොහොට්ටු කුට්ටිය නැති වෙනවා
දම්මික පොල්ල තිබ්බා නෙමයි . මිනිහට තේරුනා හිටියානම් හැක්කේ දත් ටිකත් ගැලවෙනවා කියලා
රනිල්ගෙ කාලේ හොඳයි ද?
දැන් මේ කාලකන්නි තමන්ගේ අම්මා විතරක් නෙමෙයි බුදුරජානන් වහන්සේ ත් මේවාට ගාවගන්නවා .මහින්දට පොල්ල තියපු එකේ ධම්මිකට පොල්ල තියපු එකක් ගැන කියවනවා .දැන්වත් මේ මළකුණු වටේ ඉන්න මැස්සෝ අයින් වෙනවානම් හොඳයි
කොහේ ඔය කියන බැලුම් පුම්බන්නද. බල තණ්හාව ඊට වඩා ලොකුයි. පොහොට්ටුවට ඔය ඉරණම අත්උනේ නාමල්ගේ ඔය පෙරේතකම, බැසිල්ගේ මෝඩ තීරණ.. හෙමින් ගියානම් හරි. මේ පොහොට්ටුවේ අවසාන ජවනිකාව. මහා මැතිවරණයෙන් ඕය පොහොට්ටුව මැකිලම යනවා...... පක්ෂයේ ඉහළ පළපුරුදු මැති, ඇමතිලට සවන් නොදීම, අධික මාන්නය, නුගත්කම නිසා නාමල්ට ඉහලට යන්න ආමරුඉය්. රට ආනාථ වෙලා මිනිස්සු අසරණ වෙලා හිටපු වෙලාවේ බැසිල් ඇමෙරිකාවට පැන්න. නාමල් මාලදිවඉන් ගිහින් fb දාපු පොටෝස් දැක්කනේ. ළඳ බොළඳ කෙනෙක් කොහොමද රටක් පාලනය කරන්නේ. එකම සුදුසුකම මහින්ද පියා වීම විතරයි......... මුලින්ම අධික බල තණ්හාව නැතිකරගන්න ඕනේ කව්රු උනත්.
කොච්චර වැරදිද මේ මනුස්සයා මේ ගොල්ලන්ගෙ මේ තුට්ටු දෙකේ දේසපාලන ගේම් වලදී බුද්ධ චරිතයේ එන මහා බෝසතානන් වහන්සේගේ පස් මහා බැලුම් කියන සිද්ධිය උපමාවක යොදාගෙන සංසන්දනය කරන්න කටයුතු කරපු විදිය. මේ දේශපාලකයන් කටයුතු කරන්නේ මොන ක්‍රමයකින් හරි මිනිස්සු රවටලා චන්ද අරගෙන තමන් විතරක් සුපිරි ජන කොටසක් විදියට සිතා සියලු සැප සම්පත් විදිමින් රටත් කාබාසිනියා කර විකුණා දමා වැජබෙන්න. බුදුන් වහන්සේ කටයුතු කලේ මේ ලෝක වාසින් කෙරෙහි අපරිමිත මහා කරුණාවෙන් ඔවුන් දුකින් මුදවා ගන්න අරමුණෙන්. ඒ නිසා මේ මන්ත්‍රී වරයාගේ මේ ප්‍රකාශය මම ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. තව දුරටත් මම මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා මෙවැනි සිද්ධි වලදී කිසිම ආගමික නායකයකු උපමා කර ප්‍රකාශ කිරීමට එරෙහිව කටයුතු කරන්න කියා උපමානයන් නිකුත් කරන්න කියා.
නාමල් පුතා හිතුවේ නෑ පොහොට්ටුව ඇතුලේ චන්ද්‍රසේන ලා වගේ ගුණමකුවෝ පොහොට්ටුවේ හිටියා කියලා
කලබල නොවුනත් මොංගල් නාම්බෙකුට කවදාකවත් ජනාධිපති වෙන්න බැහැ. අනුර බණ්ඩාරනායකටත් වුනේ ඕකම තමයි
දූෂිත පවුල් පාලනේ එකෙක් මිසක් වෙන හරිහමන් කෙනෙක් දාන්ඩ පොහොට්ටුවේ ඉන්නවද ?
මේක පැරදිලා හරි නාමල් ඉඳ ගනීවි නේද
අප්පච්චිගේ නම විකුණන් කාගෙන ,දේශපාලනේ මෙලොව හසරක් නොදන්න ,මෙහෙව් නාම්බෙක් රටේ ජනාධිපති හැටියට පත් කරන්න තරම් අපේ රටේ ජනතාව මෝඩ නැති බව මේකාට තේරුම් නොගිය එක තමා ලෝක පුදුමේ
පස් මහ බැලුම් බලන්නේ මොකටද, නාමල් බුදු වෙන්න යනවා කියලා හිතුවාද? මේ වගේ අයට අපායේ දොරටු බොහොම ළඟයි. ඒ වගේම වාසි අතට පනින ඔහෙලාටත්...!
මයිනාගේ නෑමොලයා...
ඔක්කොම කරේ මේ රටේ මහජනතාවගේ වත්කම් හොරකම් කරපු එකයි. මේ සැරේ ඔක්කොම අනාථයි... ඉදිරියටත් එක එහෙම තමයි. තොපිට පාර්ලිමේන්තු ආසනයක්වත් දිනා ගන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඔයාට එරෙහිව අනාගතයේ නීතිය ක්‍රියාත්මක වේවා... JVP සීනුව ට ජයවේවා.., ජාතික ජන බලවේගයට, මාලිමාවට ජයවේවා...!