IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘නාමල් කලබල වුණා වැඩියි‘

(දයාරත්න ඇඹෝගම)

‘බුදු රාජාණන් වහන්සේ උත්පත්තිය ලබන්න පෙර පස්මහ බැලුම් බැලුවා.විශේෂයෙන්ම දේශය හා කාලය බැලුවා.නාමල් රාජපක්ෂ පොහොට්ටුවෙන්  ජනාධිපතිවරණයට තරග වැදිමට ගත් තීරණය දේශයටත්,කාලයටත් යන දෙකටම හොද නැහැ. හදිස්සි වුණා, කලබල වුනා වැඩියි‘ එම තීරණය කාලෝචිත නොවන එකක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය.

අනුරාධපුර,මාතලේ හන්දිය,කුරුන්දන්කුලම ඒ මහතාගේ නිවසේදී පැවති මාධ්‍ය හමුවකදි මන්ත්‍රිවරයා මේ බව පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙසේද පැවසිය.

“පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විදියට ධම්මික පෙරේරා එනවා කියලා තමයි අපිට ඉස්සරලා කියුවේ.අපිටත් එන්න කියලා කතා කළා,ඒ වුනාට නාමල් රාජපක්ෂ මහත්තයා පොහොට්ටුවෙන් මෙවර ජනාධිපති අපේක්ෂකයා ලෙසට නම් කරලා තියෙනවා.

කොහොම වුණත් ධම්මික පෙරේරා පොහොට්ටුවට පොල්ල තිබ්බා කියලා නම් ඉතාමත්ම පැහැදිලියි.”

“නාමල් රාජපක්ෂ මහත්තයාට ඔයිට වඩා කල්පනාවෙන් ගමන යන්න තිබුණා.පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරලා මහමැතිවරණයේදි අගමැති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වෙන්න තිබුණා . පොහොට්ටුවෙන්.ඒවා ඔක්කොම අතහැරලා ඉතාම දුෂ්කර මාර්ගයකට නාමල් රාජපක්ෂ මහත්තයා අවතිර්ණය වේලා තියෙනවා.මම ඒ පිලිබද ඉතාමත්ම කණගාටු වෙනවා.

නාමල් මහත්තයා කලබල වුණා,හදිස්සි වුණා වැඩියි.බුදු රාජාණන් වහන්සේ උත්පත්තිය ලබන්න පෙර පස්මහ බැලුම් බැලුවා. විශේෂයෙන්ම දේශය සහ කාලය ගැන බැලුවා.මේ වේලාවේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ ගමනට දේශයත්,කාලයත් දෙකම හොද නැහැ.

 



අදහස් (15)

‘නාමල් කලබල වුණා වැඩියි‘

Perera Thursday, 08 August 2024 01:11 PM

උඹලා ඔක්කොමලා කලබල වෙලා ආත භූත වෙලා ඉන්න බව පේනවා

:       4       76

Kamal Koyrala Thursday, 08 August 2024 01:13 PM

එස්.එම්.චන්ද්‍රසේන මහතා කලබල වුණා වැඩියි .දැන් අනුරාධපුරේ පොහොට්ටු කුට්ටිය නැති වෙනවා

:       6       72

Prabha Thursday, 08 August 2024 01:23 PM

දම්මික පොල්ල තිබ්බා නෙමයි . මිනිහට තේරුනා හිටියානම් හැක්කේ දත් ටිකත් ගැලවෙනවා කියලා

:       3       59

ජගත් ලියනගේ Thursday, 08 August 2024 01:43 PM

රනිල්ගෙ කාලේ හොඳයි ද?

:       6       48

Rata Perata Thursday, 08 August 2024 01:53 PM

දැන් මේ කාලකන්නි තමන්ගේ අම්මා විතරක් නෙමෙයි බුදුරජානන් වහන්සේ ත් මේවාට ගාවගන්නවා .මහින්දට පොල්ල තියපු එකේ ධම්මිකට පොල්ල තියපු එකක් ගැන කියවනවා .දැන්වත් මේ මළකුණු වටේ ඉන්න මැස්සෝ අයින් වෙනවානම් හොඳයි

:       2       56

මනක්කයාසිංහම් Thursday, 08 August 2024 01:59 PM

කොහේ ඔය කියන බැලුම් පුම්බන්නද. බල තණ්හාව ඊට වඩා ලොකුයි. පොහොට්ටුවට ඔය ඉරණම අත්උනේ නාමල්ගේ ඔය පෙරේතකම, බැසිල්ගේ මෝඩ තීරණ.. හෙමින් ගියානම් හරි. මේ පොහොට්ටුවේ අවසාන ජවනිකාව. මහා මැතිවරණයෙන් ඕය පොහොට්ටුව මැකිලම යනවා...... පක්ෂයේ ඉහළ පළපුරුදු මැති, ඇමතිලට සවන් නොදීම, අධික මාන්නය, නුගත්කම නිසා නාමල්ට ඉහලට යන්න ආමරුඉය්. රට ආනාථ වෙලා මිනිස්සු අසරණ වෙලා හිටපු වෙලාවේ බැසිල් ඇමෙරිකාවට පැන්න. නාමල් මාලදිවඉන් ගිහින් fb දාපු පොටෝස් දැක්කනේ. ළඳ බොළඳ කෙනෙක් කොහොමද රටක් පාලනය කරන්නේ. එකම සුදුසුකම මහින්ද පියා වීම විතරයි......... මුලින්ම අධික බල තණ්හාව නැතිකරගන්න ඕනේ කව්රු උනත්.

:       0       0

චන්දිම Thursday, 08 August 2024 02:00 PM

කොච්චර වැරදිද මේ මනුස්සයා මේ ගොල්ලන්ගෙ මේ තුට්ටු දෙකේ දේසපාලන ගේම් වලදී බුද්ධ චරිතයේ එන මහා බෝසතානන් වහන්සේගේ පස් මහා බැලුම් කියන සිද්ධිය උපමාවක යොදාගෙන සංසන්දනය කරන්න කටයුතු කරපු විදිය. මේ දේශපාලකයන් කටයුතු කරන්නේ මොන ක්‍රමයකින් හරි මිනිස්සු රවටලා චන්ද අරගෙන තමන් විතරක් සුපිරි ජන කොටසක් විදියට සිතා සියලු සැප සම්පත් විදිමින් රටත් කාබාසිනියා කර විකුණා දමා වැජබෙන්න. බුදුන් වහන්සේ කටයුතු කලේ මේ ලෝක වාසින් කෙරෙහි අපරිමිත මහා කරුණාවෙන් ඔවුන් දුකින් මුදවා ගන්න අරමුණෙන්. ඒ නිසා මේ මන්ත්‍රී වරයාගේ මේ ප්‍රකාශය මම ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. තව දුරටත් මම මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා මෙවැනි සිද්ධි වලදී කිසිම ආගමික නායකයකු උපමා කර ප්‍රකාශ කිරීමට එරෙහිව කටයුතු කරන්න කියා උපමානයන් නිකුත් කරන්න කියා.

:       0       0

Kazi Shajahan Thursday, 08 August 2024 02:23 PM

නාමල් පුතා හිතුවේ නෑ පොහොට්ටුව ඇතුලේ චන්ද්‍රසේන ලා වගේ ගුණමකුවෝ පොහොට්ටුවේ හිටියා කියලා

:       5       30

senaka Thursday, 08 August 2024 02:35 PM

කලබල නොවුනත් මොංගල් නාම්බෙකුට කවදාකවත් ජනාධිපති වෙන්න බැහැ. අනුර බණ්ඩාරනායකටත් වුනේ ඕකම තමයි

:       10       35

ගමේ එකාලා Thursday, 08 August 2024 02:42 PM

දූෂිත පවුල් පාලනේ එකෙක් මිසක් වෙන හරිහමන් කෙනෙක් දාන්ඩ පොහොට්ටුවේ ඉන්නවද ?

:       6       37

fairoos Thursday, 08 August 2024 02:52 PM

මේක පැරදිලා හරි නාමල් ඉඳ ගනීවි නේද

:       3       28

Nandalal de Silva - France Thursday, 08 August 2024 05:51 PM

අප්පච්චිගේ නම විකුණන් කාගෙන ,දේශපාලනේ මෙලොව හසරක් නොදන්න ,මෙහෙව් නාම්බෙක් රටේ ජනාධිපති හැටියට පත් කරන්න තරම් අපේ රටේ ජනතාව මෝඩ නැති බව මේකාට තේරුම් නොගිය එක තමා ලෝක පුදුමේ

:       0       1

Pradeep Kumara Thursday, 08 August 2024 06:30 PM

පස් මහ බැලුම් බලන්නේ මොකටද, නාමල් බුදු වෙන්න යනවා කියලා හිතුවාද? මේ වගේ අයට අපායේ දොරටු බොහොම ළඟයි. ඒ වගේම වාසි අතට පනින ඔහෙලාටත්...!

:       0       0

Bernard Perera Thursday, 08 August 2024 08:05 PM

මයිනාගේ නෑමොලයා...

:       0       0

Vasantha Thursday, 08 August 2024 09:39 PM

ඔක්කොම කරේ මේ රටේ මහජනතාවගේ වත්කම් හොරකම් කරපු එකයි. මේ සැරේ ඔක්කොම අනාථයි... ඉදිරියටත් එක එහෙම තමයි. තොපිට පාර්ලිමේන්තු ආසනයක්වත් දිනා ගන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඔයාට එරෙහිව අනාගතයේ නීතිය ක්‍රියාත්මක වේවා... JVP සීනුව ට ජයවේවා.., ජාතික ජන බලවේගයට, මාලිමාවට ජයවේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site