(අංජුල මහික වීරරත්න)
“ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) වෙත ලැබුණු තවත් ඇමරිකානු ඩොලර් පන්ලක්ෂ අනූදහසක (590,000/-) මුදල පලස්තීන රජය වෙත නිල වශයෙන් බාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දි සිදු කෙරිණි.
ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටින දරුවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව මෙම අරමුදල පිහිටුවිණි.
ඊට අදාළ නිල ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් (H. E. Dr. Zuhair M H Dar Zaid) සහ එක්සත් ජාතීන්ගේ සහන වැඩ නියෝජිතායතනයේ (UNRWA) එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota)යන මහත්ම මහත්මින් වෙත ජනාධිපතිවරයා බාර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාසා ළමයි ගොඩදාලා ඉවරවෙලා වෙලාවක් තිබුනොත් මෙහෙ මන්දපෝෂනෙන් ඉන්න ළමයින්ටත් මොකක් හරි කරපං
වැරැද්දක් කියලා කියන්නේ නෑ ඒත් අපේ රටේ ළමයි මන්දපෝෂණයෙන් පෙළෙන වෙලාවේ අපේ අය ගැන නොසිතන්නේ ඇයි. මේකත් මුස්ලිම් ඡන්ද ගන්න කරන දෙයක්ද .ඒ අය මේක දැකලා ඡන්දෙ දේවි කියලා. එහෙනම් මැතිවරණ නීති උල්ලංගනය කිරීමේ කොටසක් නේද.
අනිත් අයගේ ප්‍රශ්න විසදන්න කලින් අපේ රටේ ප්‍රශ්න විසදලා හිටියොත් නරකද?
පිනාගේ සාක්කුවෙන් වෙන්නැති සල්ලි දෙන්නේ, ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ, තවත් අපේ බෙල්ල මිරිකලා බදු ගහපන්.
කතාව දෝලාවෙන් ගමන පයින්.
ඩොලර් නෑ කියලා ලංකාවට සල්ලි එවන්න කියන රටේ මේ ඩොලර් කොහෙන්ද ආවේ. අපේ රනිල් වික්‍රමසිංහ ස්වාධීන ඡන්ද අපේක්ෂකයා ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වැඩක් නේද සුළු ජාතික ඡන්ද ගන්න කරලා තියෙන්නේ.
මේ වනවිට ගාසා තිරයේ පවතින යුද්ධය කලාපය පුරා පැතිරයාමේ අවධානමක් පවතින නිසා බොහෝ රටවල් ඔවුන්ගේ පුරවැසියන් ලෙබනනයෙන් ඉවත් කරගැනීමට කටයුතු කරමින් සිටියි..
අනිත් රටවල් වලට උදව් කරන්න කලින් ලංකාවේ 30%කට වඩා මන්දපෝෂණය හැදිලා ළමයි මැරෙනවා මෙහේ ළමයින්ට උදව් කරන්න. අනික නැගෙනහිර මුස්ලිම් ළමයි එහෙමත් ඉන්නවා මන්දපෝෂණය හැදිලා, අපි වැටුනු දවසට එක ඔය පලස්තීනය, ඊශ්‍රායලයවත් උදව් කරන්නේ නෑ.