
(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවැසේ.
ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට තීරණය කර සිටින රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව අටකි.
එම රාජ්‍ය ඇමැතිවරුන් වන්නේ ඩී. වී චානක, තේනුක විදානගමගේ, ශෂින්ද්‍ර රාජපක්ෂ අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ සිරිපාල ගම්ලත් යන මහත්වරු වෙති.
ආණ්ඩුවට සහාය නොදී රාජ්‍ය අමාත්‍ය ධුරවල රැඳී සිටීම සදාචාරාත්මක නොවන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගණනාවක්ම පසුගිය කාලයේදී පෙන්වා දී තිබිණ.
කෙසේ වෙතත් ආණ්ඩුව එම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ධුර සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙතෙක් තීරණය කර නැතැයි දැනගන්නට ඇත.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කිරීමට ඊයේ තීරණය කළ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තමා අතිශයින්ම පෞද්ගලික හේතුවක් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
දේශපාලනය කිරීමේදී පෞද්ගලික තීරණ ඈඳා නොගන්නා ලෙස නාමල් රාජපක්ෂ මහතා එහිදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ප්‍රකාශ කර ඇතැයි පැවැසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු වුණත් ජිවිතේ බේරගන්න ඕනම දෙයක් කරනවා
මේ කියන එක්කෙනෙක්වත් රට ගැන හිතයි කියලා හිතනවා නම් මොලේ පරීක්ෂා කරගන්න
පෞද්ගලික හේතු ඇත්නම් පොදු ජනතාව අමාරුවේ. ඒ කියන්නේ රත්නපුර ජනතාව යන්න කිව්වා කියන්නේ බොරු. අනේ කරුණාකරලා පොදු සේවය අතාරින්න පෞද්ගලික දෙයට මුල්තැන දෙන්න ඕනෑ නම්. මීට රත්නපුර නගරාසන්නයේ හිටි කෙනෙක්...
තව හොරාකන්න මොකුත් ඉතුරු වෙලා නැතුව ඇති...
මේකෙන් අත ඇරලා ඒකෙන් ගන්න. ඒකයි මේ කතාව.
මෙි වෙලාවේ රනිල් මහතාට උදව් කිරිම ඉතාම වැදගත්,අසෝක ප්‍රියන්ත,රාජ්‍ය ඇමතිවරයා,දිස්ත්‍රික් නායකයා වෙන්න සිහින මවනවා වෙන්න ,ඇති,ලබන වර,ඔහට ඇපත් නෑ,ඒකයි මේ දගලන්නේ,කෙලෙහි ගුණය නොදත් පුද්ගලයා ,අවසානය ලගයි,වැඩි ඈතක නොවේ.
තව දවස් පණහකකටත් අඩු කලයකින් ඕවා සදහටම අත්හරින්න වෙනවා.
අතිශය පුද්ගලිකනම් අහන එක හරිනෑ නේද?
පෞද්ගලික හේතුමත දේශපාලන තීරන ගන්නා තමුන්ගේ නායිකාව ගැන අනුගාමිකයින් දෙවරක් හිතනවා නම් හොඳයි...!
අර ඡන්ද කාලේ රනිල්ට බැනපු හැටි හීනෙනුත් මතක් වෙනවා... ඒකයි ඔය කියන පෞද්ගලික කාරණාව...
මේ අය මොන මහත්තුරුද? ළමයිනුත් මහ එවුන් වගේ ඇති...
මෙයාගේ පුද්ගලික හේතුව අපි දන්නවා... ඇමැතිකමක් ලැබෙයි සිතා තමයි මේවා කරන්නේ...මෙහෙම පෙරේතයින් යන්න ඕනේ පෙරේත ලෝකයට...!
අතිශයින් පෞද්ගලික හේතු? මොකක්ද ඇත්තටම ඒකෙ තේරුම? දේශපාලනයේ එහෙම දේවලුත් සිද්ධ වෙනවා කියන්නේ හොඳ නැහැ ඒක නම්...
නෑමොලේට නොතේරුනාට අතිශයින්ම පුද්ගලික කියමින් කරන ඇයගේ යටිකූට්ටු උපක්‍රම රත්නපුර ප්‍රදේශයේ ජනතාව දන්නවා. 1994 නියෝජ්‍ය ඇමති තනතුරක් ලැබිලා පලිගැනීම් ආරම්භ කරන්න එජාප පාක්ෂිකයෙකුගේ දේපළ පවරාගැනීම් කරන්න කියලා ඉඩම් සම්බන්ධ කටයුතු කරන රජයේ තැනකට ආවා .එහි නිළධාරි කලයුත්තේ කුමක්ද කිව්වම ආපසු ගියා දැන් ඔය බලන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයේ එජාපයේ පාක්ෂිකයන්ට යනඑන මං නැතිකිරීමේ කුමන්ත්‍රණයක් කියලා කියන්න පුළුවන් යහපාලනය කාලයේ කලෙත් ඒකමයි