IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පොහොට්ටුවේ අටක් ඇමතිධූර අත්හරිති

(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට  දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමට සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවැසේ.

ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදීමට තීරණය කර සිටින රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව අටකි.

එම රාජ්‍ය ඇමැතිවරුන් වන්නේ ඩී. වී චානක, තේනුක විදානගමගේ, ශෂින්ද්‍ර රාජපක්ෂ අශෝක ප්‍රියන්ත, මොහාන් ද සිල්වා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර සහ සිරිපාල ගම්ලත් යන මහත්වරු වෙති.

ආණ්ඩුවට සහාය නොදී රාජ්‍ය අමාත්‍ය ධුරවල රැඳී සිටීම සදාචාරාත්මක නොවන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගණනාවක්ම පසුගිය කාලයේදී පෙන්වා දී තිබිණ.

කෙසේ වෙතත් ආණ්ඩුව එම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ධුර සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙතෙක් තීරණය කර නැතැයි දැනගන්නට ඇත.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කිරීමට ඊයේ තීරණය කළ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තමා අතිශයින්ම පෞද්ගලික හේතුවක් මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

දේශපාලනය කිරීමේදී පෞද්ගලික තීරණ ඈඳා නොගන්නා ලෙස නාමල් රාජපක්ෂ මහතා එහිදී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ප්‍රකාශ කර ඇතැයි පැවැසේ.

 



අදහස් (15)

පොහොට්ටුවේ අටක් ඇමතිධූර අත්හරිති

Perera Friday, 09 August 2024 05:51 AM

කවුරු වුණත් ජිවිතේ බේරගන්න ඕනම දෙයක් කරනවා

:       3       33

Nimal Friday, 09 August 2024 06:42 AM

මේ කියන එක්කෙනෙක්වත් රට ගැන හිතයි කියලා හිතනවා නම් මොලේ පරීක්ෂා කරගන්න

:       3       42

රාමනායක Friday, 09 August 2024 07:35 AM

පෞද්ගලික හේතු ඇත්නම් පොදු ජනතාව අමාරුවේ. ඒ කියන්නේ රත්නපුර ජනතාව යන්න කිව්වා කියන්නේ බොරු. අනේ කරුණාකරලා පොදු සේවය අතාරින්න පෞද්ගලික දෙයට මුල්තැන දෙන්න ඕනෑ නම්. මීට රත්නපුර නගරාසන්නයේ හිටි කෙනෙක්...

:       3       27

sam Friday, 09 August 2024 07:58 AM

තව හොරාකන්න මොකුත් ඉතුරු වෙලා නැතුව ඇති...

:       2       28

රම්බොඩ Friday, 09 August 2024 08:35 AM

මේකෙන් අත ඇරලා ඒකෙන් ගන්න. ඒකයි මේ කතාව.

:       3       24

සොයිසා අබෙිසේචර Friday, 09 August 2024 10:16 AM

මෙි වෙලාවේ රනිල් මහතාට උදව් කිරිම ඉතාම වැදගත්,අසෝක ප්‍රියන්ත,රාජ්‍ය ඇමතිවරයා,දිස්ත්‍රික් නායකයා වෙන්න සිහින මවනවා වෙන්න ,ඇති,ලබන වර,ඔහට ඇපත් නෑ,ඒකයි මේ දගලන්නේ,කෙලෙහි ගුණය නොදත් පුද්ගලයා ,අවසානය ලගයි,වැඩි ඈතක නොවේ.

:       35       29

අරවින්ද මොනරවිල Friday, 09 August 2024 10:42 AM

තව දවස් පණහකකටත් අඩු කලයකින් ඕවා සදහටම අත්හරින්න වෙනවා.

:       7       45

ලසන්ත Friday, 09 August 2024 10:59 AM

අතිශය පුද්ගලිකනම් අහන එක හරිනෑ නේද?

:       7       34

සෙනෙවිරත්න Friday, 09 August 2024 01:02 PM

පෞද්ගලික හේතුමත දේශපාලන තීරන ගන්නා තමුන්ගේ නායිකාව ගැන අනුගාමිකයින් දෙවරක් හිතනවා නම් හොඳයි...!

:       3       30

සෙනෙවිරත්න Friday, 09 August 2024 01:03 PM

අර ඡන්ද කාලේ රනිල්ට බැනපු හැටි හීනෙනුත් මතක් වෙනවා... ඒකයි ඔය කියන පෞද්ගලික කාරණාව...

:       1       36

lankalover Friday, 09 August 2024 01:27 PM

මේ අය මොන මහත්තුරුද? ළමයිනුත් මහ එවුන් වගේ ඇති...

:       3       14

beau Friday, 09 August 2024 02:16 PM

මෙයාගේ පුද්ගලික හේතුව අපි දන්නවා... ඇමැතිකමක් ලැබෙයි සිතා තමයි මේවා කරන්නේ...මෙහෙම පෙරේතයින් යන්න ඕනේ පෙරේත ලෝකයට...! 

:       1       22

ජගත් ලියනගේ Friday, 09 August 2024 04:55 PM

අතිශයින් පෞද්ගලික හේතු? මොකක්ද ඇත්තටම ඒකෙ තේරුම? දේශපාලනයේ එහෙම දේවලුත් සිද්ධ වෙනවා කියන්නේ හොඳ නැහැ ඒක නම්...

:       1       11

Swene HaputhantirigeFriday, 23 August 2024 05:48 AM

වංචාවක් කරලා , එම වංචාවට රනිල් ආවරණය දීම වගේ එකක්ද ?

:       0       0

Kalawana Friday, 09 August 2024 06:14 PM

නෑමොලේට නොතේරුනාට අතිශයින්ම පුද්ගලික කියමින් කරන ඇයගේ යටිකූට්ටු උපක්‍රම රත්නපුර ප්‍රදේශයේ ජනතාව දන්නවා. 1994 නියෝජ්‍ය ඇමති තනතුරක් ලැබිලා පලිගැනීම් ආරම්භ කරන්න එජාප පාක්ෂිකයෙකුගේ දේපළ පවරාගැනීම් කරන්න කියලා ඉඩම් සම්බන්ධ කටයුතු කරන රජයේ තැනකට ආවා .එහි නිළධාරි කලයුත්තේ කුමක්ද කිව්වම ආපසු ගියා දැන් ඔය බලන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයේ එජාපයේ පාක්ෂිකයන්ට යනඑන මං නැතිකිරීමේ කුමන්ත්‍රණයක් කියලා කියන්න පුළුවන් යහපාලනය කාලයේ කලෙත් ඒකමයි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site