IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 27 සිට

(අමිල චින්තක ගමගේ)

පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවර සැප්තැම්බර් 27 සිට ඔක්තෝම්බර් 6 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙන බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා ලංකාදීපයට පැවසීය.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 ට යෙදීම නිසා ප්‍රශ්චාත් මැතිවරණ කටයුතු කෙලෙස සිදුවේදැයි අපේක්ෂා කළ නොහැකි බැවින් මෙම තීරණය ගත් බවද ඔහු කීය.

මෙවර ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතව තිබුණේ සැප්තැම්බර් 20 සිට 29 තෙක් බවද ඔහු සඳහන් කළේය. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ වී මේ වසරට වසර 25ක් සැපිරීම සුවිශේෂ කාරණයක් නිසා ප්‍රදර්ශනය  උත්කර්ෂවක් දෙස ලෙස සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවර ප්‍රධාන ආරාධිතයා වශයෙන් පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ කටයුතු කර දැනට ජීවතුන් අතර සිටින පෙර සභාපතිවරු 06 දෙනෙක් සහභාගි කරගන්නා බවද ඉන්දීවර මහතා සඳහන් කළේය. 

පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මෙතෙක් කළ මෙහෙවර පිළිබඳව ජනතාවට මෙවර ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කීය .මෙවර ප්‍රදර්ශනයේදී පොත් කුටිවල වැඩිවීමක් සිදු නොවුණත් ක්‍රියාකාරකම් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද සමන්ත ඉන්දීවර මහතා සඳහන් කළේය.



අදහස් (1)

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 27 සිට

Jinapriya Thursday, 08 August 2024 08:01 PM

ගියවර මම ඔය ප්‍රදර්ශනය බලන්න ගියා එහි යාමට ප්‍රවාහන පහසුකම් සැලසුවා. සාමාන්‍යයෙන් හොඳයි. ඒත් ඉතින් දුරබැහැර පදිංචි අයට එහි එනවා නම් ප්‍රදර්ශන කුටි සොයාගෙන යන්න හරිම අමාරුයි... කිසිම පිළිවෙළක් දැක්කේ නැහැ.. එහෙම වුණාම නිකරුණේ කාලය ගතවෙනවා..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site