
මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (08) තහවුරු කරනු ලැබීය.
2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔවුනට චෝදනා එල්ලවී වරදකරු කර තිබිණි.
මරණීය දණ්ඩනය තහවුරු කරන ලද විත්තිකරුවන් අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු තුන්දෙනෙකුද ඇතුළත්ව සිටී.
මෙම දඬුවම්වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල කම් පල දේ
දැන් තිබුණු අසනීපෙ හොඳ වෙලා ඇති. මෙයාගේ ආර්යාවටත් පුදුම පොලිස් උණක් තිබුනේ . දැන් බලුවෙලා ඉන්නවා . ඕව ඔය අනිත් අයටත් හොඳ පාඩම්
මෙය සියලුම කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ට හොඳ පාඩමකි. උසස් නිලධාරීන්ගේ නීත්‍යානුකූල නියෝග පමණක් ක්‍රියාත්මක කිරීමට ඔවුන් නිර්භීත ය. දැන් මොකද වුනේ. කාටද ඕනේ මේ පුද්ගලයාව මරන්න . ඇයි මේ කනිෂ්ඨ නිලධාරීන් මේකට සම්බන්ධ. මෙය සියලුම පොලිස් නිලධාරීන්ට හෙළි කළ යුතු අතර ඔවුන්ගේ වගකීම මතක තබා ගත යුතුය.
මහින්ද රත්නතිලක රත්නපුර දිස්ත්‍රික්කයේ මංත්‍රී නොහිටින්න මොහුගේ පුතාගෙ පංතියේ හිටපු විද්‍යාලයේ දක්ෂම සිසුවා. මේ වනවිට වලදාපු තැන ගහක් පැලවුනා නම් ඒ ගහත් දැව ඉරන්න තරමින් වැඩෙන්න තිබුනා. අම්මලා පුතාල තාත්තලා ඒක කලා කියලා තමයි විශ්නු ඒ කාලයේ ආරංචියක් ලැබුනෙ